Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ත්‍රස්ත විරෝධී පනතට මහජන අදහස් විමසීම ඇරඹෙයි!

කොළඹ LNW:යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මහජන අදහස් විමසීම ආරම්භ වී තිබේ.

ඒ අනුව මෙම මස 31 වැනිදා දක්වා ඊට අදහස් යොමුකළ හැකි බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

මෙහිදී මහජනතාවට් මෙන්ම සිවිල් සංවිධාන වෙතට ඊට ලිඛිතව අදහස් යොමුකිරීමේ හැකියාව පවතියි.

එම අදහස් ද සැලකිල්ලට ගෙන නව පනත් කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යෝජිත ත්‍රස්ත විරෝධී නව පනතට සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ අතර අනතුරුවයි ඊට මහජන අදහස් කැඳවීම සිදුවන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.