ත්‍රස්ත විරෝධී පනතට මහජන අදහස් විමසීම ඇරඹෙයි!

කොළඹ LNW:යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට මහජන අදහස් විමසීම ආරම්භ වී තිබේ.

ඒ අනුව මෙම මස 31 වැනිදා දක්වා ඊට අදහස් යොමුකළ හැකි බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

මෙහිදී මහජනතාවට් මෙන්ම සිවිල් සංවිධාන වෙතට ඊට ලිඛිතව අදහස් යොමුකිරීමේ හැකියාව පවතියි.

එම අදහස් ද සැලකිල්ලට ගෙන නව පනත් කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

යෝජිත ත්‍රස්ත විරෝධී නව පනතට සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ අතර අනතුරුවයි ඊට මහජන අදහස් කැඳවීම සිදුවන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...