තවත් ආණ්ඩුකාර වරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි !

තවත් පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකුට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන්ට බව සඳහන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට මීට පෙරම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබිණි.

ඒ අනුව මෙම ආණ්ඩුකාර තනතුරු හතර සඳහා නව පත්වීම් ඉදිරි සතියේදී සිදුකෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...