තවත් ආණ්ඩුකාර වරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි !

Date:

තවත් පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකුට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත්තේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන්ට බව සඳහන්.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට මීට පෙරම ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබිණි.

ඒ අනුව මෙම ආණ්ඩුකාර තනතුරු හතර සඳහා නව පත්වීම් ඉදිරි සතියේදී සිදුකෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...