ඉදිරි දිනවල තද සුලං සහ අධික වර්ෂාපතනයක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹීමක් වර්ධනය වී ඇති අතර මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

තව ද, දිවයින ආසන්නයේ හටගත් වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයන් දිගටම පැවතිය හැකි අතර, මෙම කාලසීමාව තුළ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...