ඉදිරි දිනවල තද සුලං සහ අධික වර්ෂාපතනයක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළඹීමක් වර්ධනය වී ඇති අතර මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඉදිරි දින කිහිපය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

තව ද, දිවයින ආසන්නයේ හටගත් වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් රට පුරා බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයන් දිගටම පැවතිය හැකි අතර, මෙම කාලසීමාව තුළ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...