අත් දෙකට පිං සිදු වෙන ලස්සන නිර්මාණ

Date:

දේශීය හස්ත කර්මාන්තයට ඇත්තේ එදා පටන් පාරම්පරිකව පැවත් එන සම්ප්‍රදායක් සහිත කලාවක්.ශ්‍රී ලංකාව පාවහන්, සංචාරක හා සම්භාණ්ඩ අපනයනය ක්‍රමයෙන් වැඩිකර ගෙන තිබේ. 2016 වසරේ එම අංශයේ ඉපැයීම රුපියල් දස ලක්ෂ 24102 කි. එය ඇ.ඩොලර් දසලක්ෂ 166 ක විදේශ ඉපැයීමකි.

2016 අපනයන ඉපැයීමට එසේ වුවත් 2015 උපයා ගත්තේ ඇ.ඩොලර් දස ලක්ෂ 136 කි.ඒ අනුව, දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් “ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වේ.වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සම්මාන උළෙල සංවිධාන කෙරිණ.

දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නූතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් මෙහිදී ඇගයීමට ලක් කර ඇත.විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන අංශ 21ක් යටතේ නිර්මාණ තෝරාගැනීම සිදු කෙරිණ. නිර්මාණ 8,000ක් අතරින් තෝරාගත් පළාත් මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයන්ට රිදී සම්මාන පිරිනමනු ලැබීය.ජාතික මට්ටමින් සාම්ප්‍රදායික හා නූතන කලා අංශයන්ගෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙකුට ජනාධිපතිතුමා අතින් “ස්වර්ණ සම්මාන” පිරිනැමිණ.හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළ ශිල්පීන් සඳහා ජීවිත කාලයටම බල පැවැත්වෙන මාසික මූල්‍යාධාර ලබාදීම සංකේතවත් කරමින් ශිල්පීන් දෙදෙනෙකු සඳහා ආධාර ප්‍රදානය, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතින් සිදු කෙරිණ.අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දෙමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීමට කොවිඩ් වසංගතය හමුවේ වුව ද තම අමාත්‍යාංශය කටයුතු කළ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.

තාක්ෂණය, ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්කරුවන්ට දේශීය හස්ත නිර්මාණ මිලදී ගැනීමේ ක්‍රියාදාමය ඇති කිරීමට හැකි වීම නිර්මාණකරුවන් ලද විශේෂ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පැවසීය.සම්මාන උළෙල තේමා කරගනිමින් නිර්මාණය කෙරුණු මුද්දරයක් සහ මුල් දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. “ශිල්ප අභිමානී – 2021” නිර්මාණ තරගයේ දී ජයග්‍රහණය කළ නිර්මාණ නැරඹීමට එක්වූ ජනාධිපතිතුමා ජයග්‍රාහී කලාකරුවන් අගයනු ලැබීය.අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යාංශ ලේකම්වරු, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, සම්මානලාභී කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...