*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

හොඳ දේ හොඳ යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතුයි- විපක්ෂ නායක සජිත්

විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බවත් හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව ය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තෛපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිගන්නා බවත් එහි බලය බෙදී යාම තිබිය යුතු බවත් මේ ආයතන 03 අතර සංවරණ සහ තුලන ඉතාමත් ම වැදගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආංශික අධික්ෂණ කාරක සභා 17කට තරුණ තරුණියන් 530ක් සහභාගී වන්නේ සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනාලෙස ක්‍රියාත්මක කිරීමට බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) ආංශික අධික්ෂණ කාරකසභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක් වූ අවස්ථාවේ දීය.

අද අප රට ගන්නා මේ ක්‍රියාව ලෝකයේ සෙසු රටවල් හා සංසන්දනය කර බලන විට ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් තාරුණ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදායමයට සහාය වීමට අවස්ථාව ලබා දෙන අංක 01 ක්‍රියාවලිය ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. තරුණයන් විසින් අතීතයේ විවිධ කැරලි ඇති කළ බවත් ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2023 මේ කතා කරන කියන දේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ බවත් ඒ යෝජනා ගණනාවලින් 1ක් අද හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ සත-ුටට පත්වන බවත් හෙතෙම පැවසීය.

ප්‍රතිපත්ති, න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා මත සිටියත් රටේ පොදු යුතුකම උදෙසා එකට එකතු වීමේ කාලය එළැඹ ඇති බවත් එය රටට අගයක් එකතු කිරීමක් මිස තනතුරු තාන්න මාන්න පට්ටම් බෙදා ගැනීම නොවන බවත් මේ ගනු ලැබූ ප්‍රශස්ත පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන්න කොන්දේසි විරහිතව සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan