බංගලාදේශ කාන්තාවන්ට එරෙහිව 2-1 ක ජයක්

Date:

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය ලැබුවත් යළි ජයග්‍රාහී රිද්මයට පැමිණෙමින් තරග 3 අවසානයේ 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.යළිත් වරක් ලෝකයට අභියෝග කළ හැකි පිතිකාරිණියක ලෙස මෙම තරගාවලියේදී ද ලෝක කුසලාන තරගාවලියේ පෙන් වූ දස්කම් ඉදිරියට ගෙන ගිය හර්ෂිතා අබේවික්‍රම කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන් උන්නාය.
ඇය තරග තුන තුළ නොදැවීම් දෙකක් සහිතව ලකුණු 125 ක් ලබා ගත්තේ එක් අර්ධ ශතකයක්ද සහිතවය.නිලක්ෂි ද සිල්වා අවසාන තරගය ජය මාවතට තල්ලු කරමින් නොදැවී ලකුණු 61 ක් ලබා ගත්තේ චමරි අතපත්තු මත පමණක් යැපෙන්නට අවශ්‍යය නැති බවට කාන්තා ක්‍රිකට් ලෝකයටම යම් ඉඟියක් දෙමින්ය.දෙවන තරගයේදි පීඩනය පසෙකලා කවිශා දිල්හාරි ද පන්දුවට පහර දුන්නේය.
ලෝක කුසලානයේ දී ද අවුරුදු 19 න් පහළ තරගාවලියේදී ලෝකයේම අවධානය දිනා ගත් තුන් ඉරියව් ක්‍රීඩිකාවගේ දඟ පන්දුවද,වේගවත් පිති හරඹයද මේ තරගාවලියේදී අත් හදා බලන්නට තිබුණ අවස්ථාව ශ්‍රී ලංකාව මඟ හැරියේය.දෙව්මි විහංගා අත්හදා බලන්නට තිබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මීට පෙරත් ආරම්භක පන්දු යැවීම සඳහා කැඳවා ඇති ඕෂධි රණසිංහ හෝ සුගන්ධිකා කුමාරව ප්‍රයෝජනයට ගෙන දෙව්මි විහංගා කණ්ඩායමට කැඳවන්නට තිබිණ.නැතින්ම් ඔවුන් ජාතික කණ්ඩායමේ පළල් වගකීමකට උර දෙන මොහොත පැමිණෙන විට ඊට අවශ්‍යය පසුබිමෙන් තොරව සිටින බව පැහැදිළිය.
උදේශිකා ප්‍රබෝධනී කාලයකට පසුව ශ්‍රී ලංකා වේග පන්දු යවන්නියක ලෙස මේ තරගාවලියේදී කැපී පෙණුන දස්කම් දැක් වූවාය.ඇය තරගාවලියේ හොඳම පන්දු යවන්නිය වෙමින් ලකුණු 45 ට කඩුලු 5 ක් දවා ගෙන තරග තුන තුළ කැපී පෙණුනම පන්දු යවන්නිය වෙමින් තරගාවලිය නිමා කළාය.ඉනෝකා රණවීර යළිත් අවශ්‍යයම මොහොතේදී පිතිකාරිණියන් පාලනයට ගනිමින් පන්දු යැවීමට ඇති හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් යළිත් වරක් මේ මොහොතේ ලොව සිටින විශිෂ්ඨතම පන්දු යවන්නියක් බව සහතික කළාය.


මේ වන විට හර්ෂිතා,නිලක්ෂි මෙන්ම කවීශා පිතිකරණයේදි හොඳ පෙරටුගාමී ලක්ෂන පෙන්නුම් කළ ද තවමත් නැංගුරම් පිතිකාරිණිය නායිකා චමරි අත්පත්තුය.ලෝකයේ ප්‍රහාරාත්මක පිතිකාරිනියක බවට අවිවාදිත ඇය අප මීට පෙර යෝජනා කළ ආකාරයෙන්ම නැවතත් පවසන්නේ පිතිකරණ ාමාවලියේ මදක් පසුපසට ඒමට වැදගත් බවය.ඕනෑම මොහොතක තරගය වෙනස් කරන්නට හැකියාව ඇති ඇය පිතිකරණ නාමාවලියේ අංක හතර වැනි තැනකට පැමිණෙනවානම් එය කණ්ඩායමට තවත් ආශිර්වාදයක් වනු ඇත.


නිලක්ෂි ජයග්‍රාහී දෙවන සහ තරගාවලියේ තෙවන තරගයේදී පන්දු 39 න් නොදැවී ලැබූ ලකුණු 63 නිසා ඇය එම තරගයේ වීරවරිය වුවාය.දෙවන තරගයේදී වේගවත් ලකුණු 20 ක් අවශ්‍යයම මොහොතේදි නොදැවි ලබමින් සහ ලකුණු 13 ට කඩුලු 2 ක් ලබමින් කවීශා දිල්හාරි වීරවරිය වූවාය.
කෙසේ වුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදිමෙන් ද බංගලාදේශ ක්‍රිඩිකාවන්ට වඩා ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය සුරකමින් තරගය නිමා කළහ.ඒ පිළිබඳව ඔවුන්ට ගෞරවය හිමි විය

යුතුය.නමුත් මෙවැනි තරගාවලි අතරතුරු අලුත් ක්‍රීඩිකාවන්ට අවස්ථාව දීම මෙන්ම වගකීම් අලුත් පරපුරට පවරා ඔවුන් හෙට දවසේ ක්‍රිකට් වෙනුවෙන් ඉතුරු කිරිමට ද වගකිව යුතු ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් ද කල්පනාවට ගත් යුතුය.
තරගාවලියේ සියලු තොරතුරු සඳහා මේ සබැඳියාව හරහා පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/bangladesh-women-in-sri-lanka-2023-1371598

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...

රනිල්ට වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන ලද නිල ආරාධනා පත්‍රය මෙන්න !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් 2023...

හිටපු ජනපතිට සහය දක්වමින් දේශපාලඥයින්, පාක්ෂිකයින් රැසක් අධිකරණ භූමියට!

කොළඹ LNW:අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර...