ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් පෞද්ගලීකරණය තවත් ප්‍රමාද වෙන ලකුණු

Date:

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇති බව වාර්තා වේ.

මෙම සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදෙස් ලබාදීම ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ වාර්තාව තවමත් ලැබී නොමැති බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ භූමි මෙහෙයුම් එකම ආයෝජකයකුට ලබාදෙනවාද, වෙන වෙනම ලබාදෙනවාද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නොමැති බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යනු මෙරට රාජ්‍ය ආයතන අතරින් වැඩියෙන්ම පාඩු ලබන ආයතනයයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...