ලෝක මව්වරුන්ගේ දිනයේදී ආසියාවේ අම්මලා ගැන ….

අද ලෝක මවුවරුන්ගේ දිනයයි, මම ඒ නිමිත්තෙන් අම්මා බුදුවේවා කියලා වගේ හෑල්ලක් නම් නෙමේ ලියන්න යන්නේ. ආසියාව ඇතුලේ මව මිහිපිට දෙවියන් කරලා නැත්නම් ගෙදර බුදුන් කියන විරාගී පූජක බූමිකාවට ඔසවා තැබීම තුල ඇයට ආසියාව තුල වෙච්ච අසාධාරණය ගැනයි මම මේ ලියන්න උත්සාහ කරන්නේ……

ආසියාව තුල ගැහැනියක් දරුවෙක් ප්‍රසූත කරාට පස්සෙ දරුවන් වෙනුවෙන් ඇය ඇගේ සරාගී ලෞකික ජීවිතය කැපකරන්ට ඕන කියන ආචීර්නකල්පික මතය තමා මුල් බැහැලා තියෙන්නෙ. මෙතනදි ඇය කොටට ඇන්දත්, සරාගී විලාසිතා කරත් සමාජය ඇයගෙන් ප්‍රශ්න කරන්නේ ඔයා අම්මා කෙන්නෙක් නේද, ඔයා දැන් දරුවන්ගෙ ගෞරවය රකින්න ඕන නේද කියලා.

තවත් පැත්තකින් කවි ගී රචකයොත් ගුණ වයන්නේ පාන්දර හතරට නැගිටලා ලිපට පිඹින අම්මා ගැන දරුවො වෙනුවෙන් කඳුළු බිබි ජීවිතය දියකරන අම්මා ගැන. හොඳම අම්මගේ මොඩල් එක විදියට ඒ අයත් තෝරගෙන තියෙන්නේ නරා දුක් විඳින අම්මව…

එක දරුවෙක් නෙමේ දරුවෝ කීදෙනෙක් ප්‍රසූත කරත් ඇයට ඇගේ ආශාවන්, හැඟීම් දැනීම පෙරසේම නොඅඩුව දැනෙනව. මෙතනදි කරලා තියෙන්නේ ඇයව මාතෘත්වය කියන ව්‍යාජ පූජක බූමිකාවකට උස්සලා තියලා කපටි විදියට ඇයව සදාචාර කුඩුවක් ඇතුලේ අඩස්සිගත කරපු එක.

මෙතනදී අම්මට ගෙදර බුදුන් කියන සමාජයම තමා ගැහැණියට බුදුවෙන්ට බෑ කියන්නෙත් ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...