ප්‍රංශයේ හොඳම බේකරි කරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ප්‍රංශ සංස්කෘතික උරුමයක් සේ සැලකේන බෑ ගට් නැමැති ප්‍රංශ පාන් වර්ගය නිශ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි කරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක් තේරී ඇති බව සඳහන් වේ. ඔහු නමින් තර්ෂාන් සෙල්වරාජායි.

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ මෙම තරගයෙන් ප්‍රථමස්ථානයට පැමිණෙමින් ප්‍රංශය පුරා ගෞරවයට ලක් වී ඇත්තේ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් බව කිවයුත්තේ ආඩම්බරයෙනි.

බෑගට් යනු යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයකි. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකි අතර , ප්‍රංශයෙ ඉහළම බේකරි කරුවන් පරදවා පළමු තැනට පැමිණි තර්සාන් සෙල්වරාජා මීට දශකයකට පමණ පෙර ලංකාවේ සිට සිට ප්‍රංශයට සංක්‍රමණය වූ (37) හැවිරිදි අයෙකි.

මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබිණි.

විදෙස් ගමන් බලපත් ගන්න දිනයක් හා වෙලාවක් වෙන් කරගෙනම එන්නැයි දැනුම් දීමක්ද කර ඇත . සෙල්වරාජාව තෝරා ගන්නේ 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසිනි. ඔහුගේ නිශ්පාදනය නොදන්නා පුද්ගලයින් 175 දෙනෙකු විසින් සෙල්වරාජාගේ ප්‍රංශ පාන් රස බලා ඇගයීමට ලක් කර තිබිණි.

හොඳම බෑගට් සෑදීමේ රහස කුමක්දැයි France 24 සමඟ සම්මුඛ සාකච්ඡාවකදී සෙල්වරාජාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පවසා තිබුණේ පැ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි.

“ මා ජයග්‍රහණය කළ විට මට ඇඬුනා… අපි විදේශිකයින් ලෙස ඇවිත් තමයි මේ සාම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්තේ. මේක මගේ ජිවිතයේ සතුටුම දවසක්. මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් තියනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්, හැම විටම සතුටින් ගායනා කරමින්…”

ඔහු AFP සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුටම ඉදිරිපත් කළ යුතු වූ අතර පෙනුම, පිසගත් ආකාරය, වයනය, සුවඳ සහ රසය මත බෑගට් සඳහා ලකුණු දී තිබිණි. ඒ අනුව සෙල්වරාජා මෙම තරගයෙන් ජයගෙන ශ්‍රී ලංකාවටද අභිමානයක් ගෙනදී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ප්‍රොජෙක්ට් එකට ලෙනින් මොකටද ?

ලෙනින්වාදය කියන්නෙ බොහෝම සද්භාවයෙන් පටන් අරන් නමුත් ප්‍රායෝගික තලයේදී...

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...