සාර්ථකත්වය පුහුණුව සහ කැපවීමයි – හර්ෂිතා මාධවී සමරවික්‍රම

Date:

ගෙවුණු බංගලාදේශ – ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ වීරවරිය වූ හර්ෂිතා අබේවික්‍රම ඒ සම්මානය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියට අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේ එම සම්මානය තමන්ගේ කැපවීමේ සහ පුහුණුවේ ප්‍රතිපලයක් ලෙසයි.මෑත කාලයේ ගෙවුණු තරගාවලි ගණනාවක පිත්තෙන් හොද දස්කම් දැක් වූ හර්ෂිතා ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූවාය.

පුහුණුකරු රුමේෂ් රත්නායක නිතර උපදෙස් දෙන්නේ පන්දු ඕවර් 20 පිටියේ රැඳී සිටින ලෙස බව පවසන හර්ෂිතා,එම අවවාදය, අවසාන විස්සයි විස්ස ජයග්‍රහණය වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා සමඟ ලකුණු 102 ක නොබිදි සබඳතාවයට හේතු වූ බව ද පෙන්වා දෙයි.ජ්‍යේෂඨ ක්‍රීඩිකාව හැටියට කණ්ඩායම් නායිකා චමරි අතපත්තු අලුත් ක්‍රීඩිකාවන්ට දක්ෂතා අතරට එන්නට කරන මඟ පෙන්විම ඉහළින් අගය කළ හර්ෂිතා මේ තරගාවලියේදි නව යොවුන් ක්‍රීඩිකාවන් හැටියට විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි සහ කාව්‍යා කාවින්දි යන ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතාවයන් අගය කළාය.

හර්ෂිතා 25 වන වියේ පසුවන අතර නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය අවුරුදු 19 න් පහළ සහ 24 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම්වලට නායකත්වයද ලබා දී ඇති අනාගත නායකත්ව බලාපොරොත්තුවකි. පුහුණු කාර්ය මණ්ඩලයට මෙන්ම මාධ්‍යයට සහ ප්‍රේක්ෂකයන් ඇතුළුව සියලුම දෙනා ට සිය ස්තූතිය පුද කළ හර්ෂිතා මෑථ කාලයේ දක්වන ලද දස්කම් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනියම පිතිකාරිණය බවට වැඩෙමින් සිටින්නීය.එය හර්ෂිතාට ක්‍රීඩිකාවක් හැටියටත්,ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත් ආශිර්වාදයක් වන ලකුණක් ය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...