FUTA ජනාධිපතිගෙන් ඉල්ලූ සාකච්ජාව අද!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරයා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

නව ආදායම් බදු සංශෝධනය මූලික කරගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සමඟ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයද වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ගිය අතර ඉන් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලටද බාධා එල්ල වුණි.

සිය වෘත්තීය ගැටළු ජනාධිපතිවරයා විසින් නිසිලෙස හඳුනා නොගැනීම නිසා අර්බුද රැසක් මතුව ඇති හෙයින් ඒවා පිළිබඳව සෘජුව සාකච්ජා කිරීමටයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයාගෙන් සාකච්ජාවක් ඉල්ලා සිටියේ.

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම අධීක්ෂණ කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සහභාගී වීමට නම් මෙම සාකච්ජාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියද එය නොලැබුන නමුත් දරුවන් ගැන සිතා එම අධීක්ෂණ කටයුතු සඳහා එක්වන බවට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය නිවේදනය කරන ලදී. ඒ අනුව මේ වන විට එම කටයුතුද ක්‍රියාත්මක අතර අද පැවැත්වෙන විශේෂ සාකච්ජාවේදී අවධානය යොමුකළ යුතු සියලු කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටයි ආචාර්යවරු බලාපොරොත්තු වන්නේ.

ඒ අනුව පස්වරු 03.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...