පාස්පෝට් කන්තෝරුව ළඟ තැරැව්කරුවන් අල්ලන්න බුද්ධි අංශ මෙහෙයුමක්. 09ක් අත්අඩංගුවට !

Date:

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අවට සිටිමින් විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද (19) උදෑසන වන විට ශ්‍රි ලංකා පොලිස් බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග ප්‍රකාරව සිදුකළ මෙහෙයුමකදී ය.

විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් ලබා ගනිමින්, පෝලිම්වල නොසිට, නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් ඇතැම් තැරැව්කරුවන් විසින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර මාධ්‍ය මගින් ද ඒ බව පෙන්වා දී තිබිණි. මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (18) දිනයේදී බුද්ධි අංශවලට නියෝග කර තිබුණේ මේ පිලිබඳ වහාම සොයාබලා ක්‍රියාත්මක වන ලෙසයි.

ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් තැරැව්කරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මේ ආකාරයේ මෙහෙයුම් අඛණ්ඩවම ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත්, එමෙන්ම මෙවන් වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබඳව ද සොයා බලන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිව ප්‍රතික්ෂේප කිරීම දන ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...

පාසල් දරුවන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : පාසල් ළමුන්ට...

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...