*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/21

  1. කෘෂිකාර්මික නවීකරණ වැඩසටහනේ මතුව ඇති ගැටලු විසඳීම සඳහා කෘෂිකාර්මික නවීකරණ ලේකම් කාර්යාලයක් වහා ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දෙයි: එම කාර්යාලයේ සේවය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් මෙන්ම ඊට සමාන තනතුරු දරන නිලධාරීන් පත් කිරීමට උපදෙස් ලබා දෙයි: ත්‍රිවිධ හමුදාව ද මෙම වැඩසටහනට දායක වන බව පවසයි.
  2. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මධුශාන් චන්ද්‍රජිත් අන්තර්-විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස තේරී පත්වෙයි.
  3. ශ්‍රී ලංකා යුධ හමුදාව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත්ගේ නායකත්වයෙන් යුතුව ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායට අත්‍යාවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරයි: ඔවුන්ගේ ක්‍රියාන්විත අතරට ඩෙංගු මර්දන කාර්ය සාධක බළකාය හොඳින් පරීක්ෂා කිරීම සහ ඩෙංගු මර්දනය කිරීමට දායක වීම ආදිය ඇතුළත් වේ.
  4. පොලිස් අත්අඩංගුවේ සිටි 41 හැවිරිදි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ: මිය ගිය තැනැත්තිය රන් ආභරණ සොරකම් කළ බවට ඇගේ සේවායෝජකයා විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව ඈ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉකුත් මැයි 11 වන දින ය.
  5. X-Press Pearl සමුද්‍ර විනාශය නිසා ඇති වූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩුවක් ගොනු කර තිබුණ ද, වන්දි සීමා හිමිකම් පිළිබඳව එක්සත් රාජධානියේ අධිකරණයක් විසින් නිකුත් කරන ලද තීන්දුවට ශ්‍රී ලංකාව ගරු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදකය කරයි: වන්දි සීමා හිමිකම් පෑම සම්බන්ධයෙන් ලන්ඩන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමටත්, මේ සඳහා එක්සත් රාජධානියේ නීති විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීමටත් අදහස් කරන බවත් පවසයි.
  6. මීට වසර දෙකකට පෙර ජපානයේ ආගමන මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යාම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ සභා මන්ත්‍රිනී මිසුහෝ උමේමුරා පාර්ලිමේන්තු කමිටුවකින් නෙරපා හැර තිබේ: විශ්මා සඳමාලි නැමැත්තිය, තමා රෝගාතුරව සිටින බැවින් රෝහලකට රැගෙන යන මෙන් බලධාරීන්ට නැවත නැවතත් ආයාචනා කළ ද ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, 2021 මාර්තු මස දී නගෝයා හි ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේදී මියගිය ඇගේ දේහය සොයාගැනිනි: සාක්ෂි සැපයීමකින් තොරව උමේමුරා මන්ත්‍රීවරිය පවසා ඇත්තේ ඇය උපවාස කිරීම නිසා මරණයට පත්වන්නට ඇති බවයි.
  7. මාතලේ රත්තොට – රිවර්ස්ටන්, හරහා ලග්ගල, වැලිගම, මහියංගනයට දිවෙන බස්රථයක් සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලංගම ඩිපෝවේ කලමනාකාරවරයකුට මරණ තර්ජන එල්ලකළ බවට රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකට චෝදනා: පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ පහසුව උදෙසා අදාළ බස් රථය යොදවා තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේම තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලීමක් අනුව ය.
  8. පොහොර ගැටළුව සමඟ අපනයන පහළ යනු ඇතැයි අපේක්ෂා කළ ද, 2023 පළමු මාස 04 තුළ ශ්‍රී ලංකාවේ තේ අපනයන ඉහළ ගොස් ඇති බව වාර්තා වේ: 2023 ජනවාරි – අප්‍රේල් කාලසීමාව තුළ අපනයන ආදායම ඇ.ඩො. මිලියන 407 දක්වා 11% කින් ඉහළ ගොස් ඇති අතර, එය 2022 එම කාලසීමාව තුළ ඇ.ඩො. මිලියන 367 කි: අප්‍රේල් මස තුළ පමණක් ඉපැයීම් ඇ.ඩො. මිලියන 93 දක්වා 16% කින් ඉහළ ගොස් ඇති අතර, එය 2022 එම කාලසීමාව තුළ ඇ.ඩො. මිලියන 80 කි.
  9. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුනර්ජනනීය බලශක්ති අංශයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දීය රජය එකඟ වෙයි: බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙම ව්‍යාපෘතියේ සේවය කිරීමට නියමිත ය.
  10. ලෝක පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට පැනවූ තහනම ඉවත් කළ පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වයෙන් තමා ඉවත්වන බව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පවසයි; තම ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමට වත්මන් හා හිටපු පාලනාධිකාරීන් අසමත්ව ඇති බවට චෝදනා කරයි; තමා විශ්‍රාම යන තුරුම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සේවය කිරීමට අපේක්ෂා කරන බවත්, පාලනාධිකාරිය විසින් තම ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට නිසි පියවර ගන්නේ නම් තම තීරණය පිළිබඳ සලකා බලන බවත් පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan