අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ – මෛත්‍රීපාල සිරිසේන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් , අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතරකරන ලෙසට , රජයෙන් ඉල්ලීමක් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ,
මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පණත් කිහිපයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩිකිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳටම ඇති. ඒ නිසා  අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක් වත් මේ රට ගෙනියන්න.  මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි  අධි සුඛෝපභෝගී වාහන. “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ස්කොෂ් 2025 සැප්තැම්බර් මාසයේ 6K PSA ජාත්‍යන්තර ශූරතාවලියට සූදානම්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් මගින් සංවිධානය කරනු...

වසර 21 කට පසු පොළොන්නරුව මහාධිකරණය හමුවේ අවසන් වූ ඓතිහාසික නඩු තීන්දුව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : පොළොන්නරුව මහාධිකරණය හමුවේ...

නදීශා මූලික වටයෙන්ම ඉවතට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක සූරතා මලල ක්‍රීඩා...

ජනාධිපති අරමුදලෙන් අශිෂ්‍යාධාර ලබා දීමේ වැඩසටහනක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : මහයියාව ප්‍රදේශයේ ආර්ථික...