අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ – මෛත්‍රීපාල සිරිසේන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් , අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතරකරන ලෙසට , රජයෙන් ඉල්ලීමක් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ,
මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පණත් කිහිපයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩිකිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳටම ඇති. ඒ නිසා  අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක් වත් මේ රට ගෙනියන්න.  මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි  අධි සුඛෝපභෝගී වාහන. “

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...