විදෙස්ගත ශ්‍රමිකයින් එවන ඩොලර්වලට ඉදිරියේදී වෙළඳපොල අගයම ගෙවනවා – බැසිල් (VIDEO)

Date:

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් සඳහා වෙළඳපොලේ පවතින අගයම ගෙවීමට වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව කළුකඩ වෙළඳපොලට නොයවා එම ප්‍රේෂණ නීත්‍යානුකූල මාර්ගයෙන්ම මෙරටට එවන ලෙසයි ඒ මහතා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේ.

“අවුරුදු හැත්තෑ ගණනක් වෙනවා අපට නිදහස ලැබිලා. හැබැයි ඔයාලා අහලා තියෙනවාද ණය ගන්නකොට බැණුම් ඇහුවාට ණය ගෙවනකොට බැණුම් අහපු මුදල් ඇමතිවරයෙක් ? දැන් අපට බනින්නේ මේ ණය ගෙව්වායි කියලා. මේ අවුරුද්දේ පමණක් අපට සමස්ත ණය ප්‍රමාණය සහ ඒවායේ පොළිය ඇමරිකන් ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. මම මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙනුත්, ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙනුත් සහතික වෙනවා ඒ හැම ඩොලර් එකක්ම අපි මේ වර්ෂයේ ගෙවනවා, ගෙවනවා මයි. ඒකට අපට ශක්තියක් තියෙනවා, ඒක වගකීමෙන් කියන්නෙ.

හැබැයි මම ඉල්ලනවා විපක්ෂයෙන්, ණය ගෙව්වෙ නැත්නම් බනින්න – මේ පරම්පරාවෙදි නම් ආයෙ බලයට එන්නෙ නෑ ජොන්ස්ටන් ඇමතිතුමාලා ඉන්නකල් – හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාරදෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන තියෙනවායි කියන එක අපි කියන්න ඕනෙ.

අපේ විදේශ රැකියාවලට යන එකෙන් අපට ලැබෙන ප්‍රේෂණ කළු කඩේට යවන්නෙ නැතුව අපිත් එක්ක අපේ රටට එන විදියට නීත්‍යානුකූල මාර්ගයෙන් ඒක එවන්න. අපි ඒ සඳහාත් ඉදිරි කාලයේදී ඔවුන්ට වෙළඳපොලේ තියෙන අගයම ගෙවන්න වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරනවා ඇති”

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රුපියල් මිලියන 215ක වියදමින් ඉදිකෙරුණු කුරුණෑගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (02) එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...