පළාත් හතරක ක්‍රිකට් පුහුණුකාරියන් සකසන පාඨමාලා

පළාත් හතරක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රීකට් පුහුණුකාරියන් පුහුණු කරන පාඨමාලාවන් දියත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.මේ වන විට පාසල් මට්ටමෙන් මෙන්ම දිවයිනේ බොහෝ කාන්තාවන් ක්‍රිකට් ගැන දක්වන උනන්දුව ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා මෙම පාඨමාලාව විවෘත වන අතර පාසල්වල ක්‍රීඩා ගුරුවරියන්ට මෙන්ම ක්‍රීඩා පුහුණුකාරියන්ට ද මේ සඳහා අවස්ථාව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිිකට් අවධාරණය කරයි.මෙම ස්ථාන හතර තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක වීමේ පහසුව සඳහා පළාත් වෙන් කර ඇති අතර ඒ අනුව මධයම සහ නැගෙනහිර කේන්ද්‍ර කරගෙන එක් ස්ථානයකදී පුහුණු පාඨමාලාව පැවත්වෙනු ඇත.
වයඹ,උතුරු මැද සහ උතුරු පළාත් කේන්ද්‍ර කර ගනමින් එක් පුහුණු මධ්‍යස්ථානයක් ද,ඌව,දකුණු සහ සබරගමු පළාත් අදාළ වන එක් පුහුණු මධ්‍යස්ථානයක්ද මේ අනුව ක්‍රියාත්මක වනු ඇත.ඉතිරි පුහුණු මධ්‍යස්ථානය බස්නාහිර කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙනු ඇත.
මූලික කාරණා ඇතුළත් පුහුණු දැණුම සහ ක්‍රීඩා දැණුම එක් පාඨමාලාවක් යටතේ ද ඉන් අනතුරුව පළමු අදියර,දෙවන අදියර සහ තෙවන අදියර ලෙස පාඨමාලාවන් පවත්වමින් දැණුම ඉහළට ගෙන යාම ද මේ පාඨමාලාවේ අරමුණ වී ඇත.

දැනටමත් මේ පුහුණු කටයුතු සඳහා ඒ ඒ පළාත් කේන්ද්‍ර කර ගනිමින් පුහුණු උපදේශකයන් පත් කර ඇති අතර ඒ අනුව නැගෙනහිර සහ මධ්‍යම පළාත් තොරතුරු ලබා ගැනීම සඳහා 0743442505 දුරකතන අංකය ද,උතුරු මැද,උතුර සහ වයඹ පාළාත සඳහා 0777718303 දුරකතන අංකයද විවෘතව පවතින බව ශ්‍රි ලංකා ක්‍රිකට් දැණුම් දෙයි.
එසේම ඌව,දකුණ සහ සබරගමුව පළාත් වෙනුවෙන් තොරතුරු දැන ගැනීම සඳහා විවෘතව පවතින්නේ 0743449388 යන දුරකතන අංකය යි. බස්නාහිර පළාත සඳහා විවෘතව පවතින දුරකතන අංකය 0743451550 වේ.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...