සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මේ වනවිට ආර්ථිකය සංකෝචනය වමින් පවතින බවත්, අද වන විට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට නොලැබෙන්නේ රජය විසින් රට පුරා අවශ්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීමක් සිදු කිරීමකින් නොව ජනතාවගේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ඉන්ධන භාවිතය අවම වීමෙන් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
ජනතාවට මුදල් නොමැතිව , තම ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අවම කර ඇති බවත් ,මේ වන විට රටේ ඩීසල් පරිභෝජනය 33% කින් හා පෙට්‍රල් පරිභෝජනය 53 %කින්, භූමිතෙල් පරිභෝජනය 75% කින් අඩු වී ඇතැයි ද පැවසූ ඒ මහතා , ඉන්ධන පෝලිම් නැති වීම සඳහා ඉන්ධන නිසියාකාරව බෙදාහැරීම එක කාරණාවක් පමණක් බවත් ඉන්ධන පරිභෝජනය විශාල ලෙස පහළ ගොස් ඇත්තේ ජනතාවගේ ආර්ථික පිරිහීම නිසා අතේ මුදල් නැති වීම නිසා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??