අපේ රටේ කම්කරු නීති පරණයි – සමන් රත්නප්‍රිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

වැඩි දුරටත් ඒ පිළිබඳ පැවසූ රත්නප්‍රිය මහතා,

“අපේ රටේ කම්කරු නීතිය පරණයි. කම්කරු නීතිය අලුත් කරන්නට ඕනේ. සුළු සුළු ආකාරයේ වෙනස්කම් සංශෝධනය කළාට රට ලෝකෙට අරගෙන යන්න ඕනේ කියන කාරණේ දිහා බලලා නීතිය අලුත් කරන්න සමස්ත ආකාරයේ සංශෝධනයක් කරන්න කම්කරු නීතියට අනුව කටයුතු කරලා නෑ.

දැන් අපේ රටේ රාජ්‍ය අංශට එක නීතියක් තියෙනවා පෞද්ගලික අංශයට එක නීතියක් තියෙනවා. මේවා වෙනස් වෙන්නට ඕනේ. මේවා සාමාන්‍යයෙන් කරන්නේ රටේ ආදාළ පාර්ශව එකඟ කරගෙන. සාකච්ඡා ඇතුළේ තමයි මේ නීති සංශෝධනය කරන්න ඕනේ. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ කම්කරු අමාත්‍යාංශය විදියට හදන්න කෙටුම්පතක්. ඒ කෙටුම්පත අපිට දෙන්න ඊට පස්සේ අපි අපේ යෝජනා දෙන්නම්. කොටුම්පත හදන්නත් වෘත්තීය සමිත එකතු වෙන්න ඕනේ. ආරම්භයේ සිටම එකතුවෙන්න පුළුවන් නේ. ඒ නිසා හදන වේලාවේ ඉඳලම මැදිහත් වෙන එක අතිශය වැදගත් කාරණයක්.”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...