ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ. නව මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ගණන් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3186ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1281 කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 598ක් බව සඳහන්.

RN