සමහරු කටින් බතල කොළ හිටවනවා, මම ඩිජිටල් ආර්ථිකයක් සඳහා ප්‍රායෝගිකව වැඩ කරනවා – සජිත් (VIDEO)

Date:

තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය වේදිකාවල කෑ ගැසීමට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාවලියක් බව පැවසූ විපක්ෂ නායකවරයා, “සක්වල” ආරම්භ කළේ ඒ සිහිනය ජය ගැනීම වෙනුවෙන් බවයි සඳහන් කළේ.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 14 වන අදියර ඊයේ (03) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ කොට්ටාව විද්‍යාධාන විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම ඊයේ සිදුකෙරිණි.

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා තමන් කැපවන බව කී විපක්ෂ නායකවරයා, අනාගත ලෝකයේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය එය බවත් ප්‍රකාශ කළේය. මේ අතර රටට අගයක් එකතු කරන්නට විපක්ෂය කිසිවිටෙකත් පසුබට නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...