Saturday, June 3, 2023
spot_img

Latest Posts

විදෙස් තානාපතිවරු රැසක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වති

විදෙස් තානාපතිවරු රැසකගේ අක්තපත්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම අද (03) දින ජනාධිපති නිල නිවසේදී සිදුවූ බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, පහත දැක්වෙන විදෙස් තානාපතිවරු සිය අක්තපත්‍ර ජනාධිපතිවරයාට පිරිනැමීම සිදු කළහ.

ශ්‍රී ලංකාව සඳහා අයිස්ලන්ත ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ගුඕනි බ්‍රැගසොන්

ශ්‍රී ලංකාව සඳහා පිලිපීන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඇලන් ඩෙනීගා

ශ්‍රී ලංකාව සඳහා කසකස්තාන ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නුර්ලාන් සැල්ගස්බයේව්

ශ්‍රී ලංකාව සඳහා ගැම්බියා ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් මුස්තෆා ජවාරා

ශ්‍රී ලංකාව සඳහා ඉස්ලාමීය පාකිස්තාන ජනරජයේ මහ කොමසාරිස්වරයා වශයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් උමර් ෆරූක් බුර්කි

ශ්‍රී ලංකාව සඳහා ඩෙන්මාර්ක රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ෆ්‍රෙඩී ස්වේන්

ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායල් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නඕර් ගිලොන්

ශ්‍රී ලංකාව සඳහා එස්ටෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් කැට්‍රින් කිවි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.