කොළඹ LNW:විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට රජය සූදානම් වන්නේ මේ වන විටත් ජනමාධ්‍ය නියාමනයට නීතියක් නොමැති වීම නිසා යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (06) එජාප සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ජනමාධ්‍ය ආයතන ස්වයං නියාමනයක් සහිතව ආචාර ධර්ම පද්ධතියක් තුළ සිටිමින් ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳව ඔවුන් ක්‍රියාත්මක වෙන බව ප්‍රකාශ කෙරුණද එය සාර්ථක නැති බව පිළිගැනීමට සිදුව ඇති බවයි රත්නප්‍රිය මහතා පැවසුවේ.
සමහර ජනමාධ්‍ය ජාතිවාදය අවුස්සන්න,මතවාද සමාජය තුළ ඇති කරන්න උත්සාහ කළා. මිත්‍යාදෘෂ්ටික මතවාදත රට ඇතුළේ ගැටුම් ඇති කරලා ඒවා මගින් ඉදිරියට යන්න උත්සහ කළා. ඒ නිසා තමන්ගේ සීමාව ඇතුළත, තමන්ගේ හැසිරීම සම්බන්ධ නියාමනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ගේ සහ ආයතනවල අදහස් අරගෙන එවැනි පනතක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ඒක බලහත්කාරයෙන් තොරව සියලු පාර් ශව සමඟ සාකච්ඡා කරලා, නිර්මාණය වෙන වේදිකාවක් බවට පත්කළ යුතුයි.
මේ පනත තුළ විකාශන අධිකාරි කොමිසමක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒවා පත් කරන්නේ ජනාධිපතිවරයා කියන කාරණය සාකච්ඡා වෙනවා. විපක්ෂ නායකවරයා ඒ පිළිබඳව බරපතල චෝදනා ගේනවා. තිලංග සුමතිපාල සහ චරිත හේරත් වැනි අය එයට විරුද්ධව මත ප්‍රකාශ කළා. රටේ යුද්ධය නැති වෙලාවේදී සහ තිබෙන මොහොතේදී ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. තමන්ගේ අදහස සෘජුව කියන්න ගිය මාධ්‍යවේදීන්ට ඉතිහාසය තුළ ඉඩක් තිබුණේ නැහැ . විශේෂයෙන්ම චෝදනා එල්ල වුණේ වර්තමාන විපක්ෂ නායකවරයාගේ පියාටයි.
ජනතා විමුක්ති පෙරමුණ,ජනමාධ්‍යවේදීන් ඝාතන පිළිබඳව චෝදනා එල්ල වී තිබෙනවාද? කාරණා ඔප්පු වුණත්,ඔප්පු නොවුනත්, කවුද කරේ ගිය එක මේ රටේ ජනතාව හොඳින් දන්නවා. එහෙම චෝදනා එල්ල වූ කණ්ඩායම් ජනමාධ්‍ය නිදහස ගැන පාරම් බාන එක එච්චර ගැලපෙන්නෙ නැහැ කියන කාරණේ මතක් කළ යුතුයි. ඉතිහාසයේ වැරදි වර්තමානයේ හදාගෙන යන එක හැමෝගේම වගකීමක්. ඒක සද්භාවයෙන් සිදුකල යුතුයි. මිනිසා තමන්ගේ කාලයේ වැරදි ගැන නොහිතා අනුන්ගේ වැරදි විතරක් විවේචනය කරමින් ඒ ගැන කටයුතු සිද්ධ කරනවා නම්,ඒක එතරම් ගැළපෙන්නේ නැහැ.
ඒ වගේම වෘත්තිය සමිතිවලට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය මැදිහත්වෙලා සාකච්ඡාවක් ආරම්භ වෙලා තිබෙනවා. කම්කරු නීති රීති අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි. අපේ වෘත්තිය සමිති ආඥා පනත හදපු සුද්දො විසින් නිර්මාණය කරපු එකක්. අපේ රටේ කාර් මික ආරවුල් පනත එක්දහස් නවසිය පනහේ නිර්මාණය කරපු එකක්. අද වෙනකොට වසර හැත්තෑ තුනක් ගතවෙලා තිබෙනවා. මේවා අලුත් විය යුතුයි. රාජ්‍ය අංශය තුළ ආරවුල් බේරුම් කිරීමේ යාන්ත්‍රණයක් නැහැ. ජාතික කම්කරු උපදේශක සභාව කියලා ඒ කියන්නේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විතරයි. රාජ්‍ය අංශයේ ලක්ෂ 16ක නියෝජනයක් එකේ තුළ නැහැ.මේවා වෙනස් විය යුතුයි ඒ සම්බන්ධ උත්සාහ කරද්දීත් ඒකටත් විරුද්ධ වෙන පිරිස් ඉන්නවා.පෙරටුගාමි සමාජ පක්ෂ අපි මේක විවෘතව සාකච්ඡාවට ඉඩ විවර කර තිබෙන වෙලාවේ දී සාකච්ඡා කරන්න , කෙටුම්පත නිර්මාණය කරන්න දායක වෙන්න සහයෝගය දක්වන්න. අධිකරණයේදී ප්‍රශ්න කරන්න පුළුවන්” යනුවෙන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ASK