*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සාපෙළ දරුවන්ට නිවේදනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, කලුතර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්ත්වය නිසා , අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින පාසැල් දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට අපහසුවක් නොවීම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ,

කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වන මාර්ග ජලයෙන් යටවී තිබෙන අතර , ප්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබා දී ඇත.

ඉදිරි දින කීපය තුළ දී යම් ආපදා තත්ත්වයන් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවන් ඇති වන්නේ නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ  අංක 117 යන හදිසි ඇමතුම් අංකයට ඇමතීමෙන් අවශ්‍ය උපකාර ලබාගත හැකි බවත් එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙර සුදානම් සැලසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදාතත්වයන් නිසා ඇති වන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා විභාග දෙපාර්තමේන්තුව සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බවයි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan