*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

ලාෆ්ස් ගෑස් සූරාකෑම හමුවේ අදාල පාර්ශවයන් මර නින්දේද !

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සුපුරුදු ලෙස අන්තර්ජාතික වෙළෙඳපොළ මිලට සාපේක්ෂව සහ දේශීය ගෑස් මිල සූත්‍රයට අදාළව සුපුරුදු ලෙස මේ මාසයේ ද තම නිෂ්පාදනයේ මිල රුපියල් 452 කින් අඩු කරන ලදී.
එය ලිට්රෝ ගෑස් පාරිභෝගිකයන් හට සහනයක්වූ අතර ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් එම සහනය ලැබුණේ නැත. ලාෆ් සමාගමේ වෑගපිටිය විසින් තවම ගෑස් විකුණන්නේ ලිට්රෝ ගෑස් වලට වඩා රුපියල් 804 ක වැඩි අසාධාරණ මිලකට ය.

වර්තමාන ජීවන අරගලය හමුවේ තම බත් මුට්ටියට ලාෆ් සමාගම පයින් ගැසූ බව එම පාරිභෝගිකයින්ගේ මතයයි. ලිට්රෝ සමාගමේ 12.5 සිලින්ඩරයක වර්තමාන මිල 3,186 ක් වන අතර ලාෆ් සමාගම එය අලෙවි කරනු ලබන්නේ 3,990 ක අසාධාරණ මිලකට ය. එකම ගෑස් ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරය විශාල මිල පරාසයක් තුළ අලෙවි කිරීම යම් පාරිභෝගික කොට්ඨාසයක අයිතිවාසිකම් බිද දැමීමකි.

එමෙන්ම එය නෛතිකව ද අනුමත කළ නොහැකි නීත්‍යානුකූල නොවන ක්‍රියාවකි.ලාෆ්ස් සමාගමේ ගෑස් භාවිතා කරනා නිෂ්පාදකයින් හට මරු පහරකි.මේ තත්ත්වය මත ලාෆ් සමාගම මාසිකව ලබාගන්නා ලාභයට අමතරව රුපියල් කෝටි 24 ක පාරිභෝගිකයින් සූරාකෑමේ අසාධාරණ ලාභයක් උපයා ගනු ලබයි.

මෙම අසාධාරණ පාරිභෝගික සූරාකෑම පිළිබඳව වගකිවයුත්තන්ගේ ඇස් විවර වෙන තුරු අපි බලා සිටිමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan