මුදල් නිසා අධ්‍යාපනයට මෙතෙක් තිබුණු බාධාව අපි සම්පූර්ණයෙන්ම ඉවත් කළා – ධම්මික (VIDEO)

Date:

අධ්‍යාපනයට පිවිසීමේදී මෙතෙක් කලක් මූල්‍යමය හේතූන් මත පැවති බාධාවන් ඩීපී එඩියුකේෂන් වැඩසටහන හරහා සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ඩීපී එඩියුකේෂන් සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා පවසයි.

“මුදල් කියන එක මෙච්චර කලකට තිබුණා අධ්‍යාපනයට බාධාවක් හැටියට. ඒ බාධාව අපි සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. අද යූටියුබ් පැකේජ් එකකට යන්නේ රුපියල් 500ක් වගේ ගාණක් මාසෙකටම. පාසල් අධ්‍යාපනය විතරක් නෙවෙයි, වොකේෂනල් – ඒ කියන්නෙ තමන්ට රස්සාවක් කරන්න අවශ්‍ය අධ්‍යාපනය විතරක් නෙවෙයි, දැන් තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයටත් අපි ඇවිල්ලා ඉන්නවා. අපි 2023 අවසන් වෙනකොට මොරටුව විශ්ව විද්‍යාලයෙන්, කැළණිය විශ්ව විද්‍යාලයෙන්, රුහුණ විශ්ව විද්‍යාලයෙන් ඕගොල්ලන්ට කැමතිම දෙයක් කරන්න – ඒ කියන්නෙ මූලික සුදුසුකම අපි කරන්නෙ අර Trainee full stack developer, ඩීපී කෝඩින් ස්කූල් එකෙන් ඉගෙන ගත්ත – මොරටුව විශ්ව විද්‍යාලයේ Trainee full stack developer පාඨමාලාව කළාට පස්සෙ තමන්ට කැමති රස්සාවක් තෝරාගන්න තව මොඩ්ල් 30ක් විතර තියෙයි. එතකොට තමන්ට කැමති සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක් වෙන්න අපි අවස්ථාව සලසනවා. ඒ ඔක්කොම මම හිතන්නෙ 2023 දෙසැම්බර් වෙනකොට එනවා. ඒ හින්දා මෙතනින් එහාට IT ඉගෙන ගන්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ.

මම පුළුවන් තරම් දුරට බලනවා මේක ජංගම දුරකථනයෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙන්න හදන්න. මේ හෑන්ඩ් ෆෝන් එකෙන් කොච්චර දුරට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන්ද කියලා අපි බලනවා, අපි ඒකෙ තමයි ඉන්නෙ. බැරි අවස්ථාවල් තියෙන්න පුළුවන්, හැබැයි අපි ඒවාට AI කෝඩින් ඇන්ඩ් රොබොටික්ස් කැම්පස් කියලා ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකටම එකක් ගාණේ මධ්‍යස්ථාන 331ක් ලබන අවුරුදු 3 ඇතුළත ස්ථාපනය කරනවා. ඒ හින්දා ඒ ගැනත් ඔයගොල්ලෝ කිසිදේකට බයවෙන්න එපා. සාමාන්‍යයෙන් බස් එකක නැගලා රුපියල් 60ක වගේ උපරිම දුරකින් ඕගොල්ලන්ට ඒ කැම්පස් එක හම්බුවෙයි. ඒකත් මම කරනවා. මම හිතනවා මේ වගේ මිලියනයක් දුවා දරුවෝ හදපු දවසට මේ රටේ ණය බර කියන එක ලොකූ‍ ගාණක් නෙවෙයි කියලා සමාජයට තේරෙයි කියලා”

ධම්මික පෙරේරා මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ඩීපී එඩියුකේෂන් ඩිජිටල් තොරණ් තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...