එක රටක් – එක නීතියක් දැන් ක්‍රියාත්මකයි. අරුන්දිකගේ පුතාටත් ඒක අදාළයි – නාමල්

Date:

රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමට අදාළව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රජයට කිසිදු හේතුවක් නොමැති බවත් එක රටක් – එක නීතියක් යනුවෙන් ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණු දෙය අද ඉටුවෙමින් පවතින බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අරුන්දික ඇමතිතුමාත් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබෙනවා. යම් සිදුවීමක් සිද්ධ වෙලා තිබෙනවා. දැන් ඒ දරුවාව අත් අඩංගුවට අරගෙන තිබෙනවා මේ වෙනකොට. ඉතින් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. අපට කිසිසේත් හේතුවක් නෑ නීතිය හංගන්න. ඉතින් ඒ හින්දා පැහැදිලිවම ඔහු ඇමතිවරයෙක්ගෙ ළමයෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය පුරවැසියෙක්ගෙ ළමයෙක් වෙන්න පුළුවන්, එක රටක් – එක නීතියක් කියලා මිනිස්සු ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ ඒ කාරණය. අද ඒක වෙමින් පවතිනවා.

ඉතින් ඒ හින්දා මම හිතන්නෙ ඒ දරුවා යම්කිසි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්දට නිසි දඬුවම ලැබෙයි. ඒ දරුවා නිර්දෝෂී නම් ඒ නිර්දෝෂීභාවයත් අධිකරණය හමුවේ ඔප්පු කරන්න ඒ දරුවාට අවස්ථාව තියෙන්න ඕනෙ. ඒ වගේම මේ සිද්ධියට හේතුවුණේ මොකක්ද ? සමහර තැන්වල කියවෙනවා මේක නවක වධය සම්බන්ධ කාරණයක් කියලා. ඉතින් නවක වධය කියන කාරණයේදී අපි ඉතාමත්ම දැඩි තීන්දු ගත යුතුයි. සහ නවක වධය අපට කිසිසේත්ම අනුමත කරන්න බෑ. හැබැයි නවක වධය වළක්වන්න ගිහිල්ලා මැර බලය පාවිච්චි කරන්නත් බෑ. ඒ හින්දා යම්කිසි කෙනෙක් නවක වධයට ලක්වෙලා තිබෙනවා නම් ඒකට දැඩි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...