ජනපති අද විශේෂ සාකච්ඡාවක

0
824

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුදල් කාරක සභාවේ සාමාජිකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වේ.

එහිදී, ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ මුදල් කාරක සභාවට ස්ථිර සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙනි .

මුදල් කාරක සභාවේ ස්ථිර සභාපතිවරයා ලෙස විපක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාගෙන් නම යෝජනා කර තිබුණ ද මාස 06 කට ආසන්න කාලයක් එම පත් කිරීම සිදුවූයේ නැති අතර , ඒ වෙනුවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින් තාවකාලික සභාපතිවරුන් පත් කරමින් පසුගිය කාලය පුරා විවිධ අණපනත් සඳහා මුදල් කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීම සිදු විය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??