හදිසි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
එවැනි ජාත්‍යන්තර සංවිධානයකින් සහය නොගෙන පොළී මුදලාලිලාගෙන් අතමාරු ගන්නට ගොස් එයත් නොහැකි වන තැන දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ආණ්ඩුව දණින් වැටී ඇති බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනකින් සහය ගන්නා විට රටේ මූල්‍ය විනය ඇති කර ගැනීමට සිදුවන අතර එසේ නොකර රටකට ඉදිරියට යාමට නොහැකි බවද හෙතෙම කියාසිටියි.
ASK