ශ්‍රී ලංකාව සූදානම් නම් ‘විකල්ප’ සාකච්ඡා කිරීමට අපි සූදානම් – IMF

Date:

මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.

නමුත් මේ දක්වා එවැනි ඉල්ලීමක් ලැබී නැති බව ද නොසාකි මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පවසා සිටියේ රට මුහුණ දෙන මේ මූල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා තමා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් උපදෙස් සහ සහාය ගැනීමට ඉල්ලීමක් කළ බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් ආදායම් මට්ටම පහළ වැටී තිබෙන බව ද විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ද පහළ ගොස් තිබේ.

කෙසේ නමුත් අන්තර්ජාතික අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි මහතා අන්තර්ජාතික මාධ්‍ය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ මෙතෙක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් මූල්‍ය සහයෝගිතාවක් අවශ්‍ය බවට ලිඛිත ඉල්ලීමක් අන්තර්ජාතික අරමුදලට ලැබී නොමැ​ති බවත්, එසේ ලිඛිත ඉල්ලීමක් ලැබුණොත් යා හැකි ‘විකල්ප’ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කිරීමට සූදානම් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...