ගලිගමුව සමූපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගය ජයගනී !

0
1087

ගලිගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ 2023 නිලවරණයෙන් සමගි ජන බලවේගයේ නියෝජිත කණ්ඩායම ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

එම නිලවරණයේදී ප්‍රාදේශික 48න් 23ක් ජයග්‍රහණය කිරීමට සජබ කණ්ඩායම සමත්ව ඇති බව සඳහන්.

එම සමූපකාර සමිතියේ මූල සභිකයින් සංඛ්‍යාව 98ක් වන අතර එයින් 52 දෙනෙකුම සජබ කණ්ඩායමෙන් තේරී පත්ව ඇත.

සමගි ජන බලවේගයේ ගලිගමුව ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ සුරේෂ් සෝමදාස මහතා ය.

RN