බටහිරයන්ගේ ජීවිතය තුල අඩි දහස් ගනන් උස ගිරි සිකර කේබල්වල එල්ලී එල්ලී තරණය කිරීම, බයානක බෑවුම් සහිත හිම මත ලිස්සායෑම වැනි අන්තරාය වින්දනය කරන ක්‍රීඩාවන්, ක්‍රියාකාරම් සාමාන්‍ය දෙයක්…
ආර්ථික මට්ටම මොකක් උනත් කකුළ් දෙකට ඩෙක්ස් දෙකක් දාගෙන පිටේ තඩි ට්‍රැවලින් බෑග් එකක් එල්ලගෙන ලෝකයේ අරුම පුදුම බයානක තැන් ගවේෂණය කිරීම බටහිරයන්ගේ ජීවිතයේ කොටසක්..ඔවුන්ගේ මේ අන්තරාය රස විඳීම පසුපස තිබුනේ ඔවුන්ගේ ජීවිතයේ හැම මොහොතක්ම තෘප්තිමත්ව තිබීමයි..මරණය එළෙඹෙන ඕනෑම මොහොතක ඒ මොහොතට ජීවිතය අංගසම්පූරණයි…රමණය, විනෝදය අරවා මේවා මොකවත් හෙටට ඉතිරි නෑ..මේක ඔවුන්ගේ ආර්ථික සංවර්ධනයේ එක් අවධියක්….
ඒත් ආසියාවේ අපි ගෙයින් එළියට බැස්සෙ මරු සිටින දිසාව මග හැරලා මරණයට බයෙන් හැංගි හැංගි…..ආසියාවේ අපිට ජීවිතය විඳිනවා කියන එක හැමදාම බාලගිරි දෝසෙ වගේ අද නෙමේ හෙටට නියමිත දෙයක් විදියටයි තිබුනේ..ඉතින් අපි ජිවිතකාලේ පුරාම ජීවිතේ ඇරියස් කන්ද කරගහගෙන මරණයට බයෙන් මැරෙනකම්ම ඇවිද්දා..හේතුව ජීවිතය අද විඳින්ට අවශ්‍ය කරන ආර්ථික සංකෘතික පසුබිම නොතිබීම..
ජීවිතය අද නොවේ හෙට..හැබැයි ඒ හෙට අපේ මිනිස්සුන්ට කවදාවත්ම එළඹුනේ නැ….
අම්මා තාත්තා වගේ ලඟ ඥාතියෙක් මියගියාම අපි වැළපෙන්නේ එයා ජීවතුන් අතර ඉද්දි එයා වෙනුවෙන් අපිට කරන්ට බැරි උන දේවල් ගැන කියලා..ඒ ගැන හිතලා..
හැබැයි ඒ ඥාතියා මිය නොගියද ඔහු වෙනුවෙන් අපේ හිතේ ඇති යුතුකම් කිරීමට අපට කිසිදා අවස්තාවක් එළඹෙන්නේද නැත..