*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

“පූර්ණකාලිකයා” ලාංකීය වාම දේශපාලනයට තවදුරටත් වලංගු ද ?

වාමාංශික දේශපාලනයට “පූර්ණකාලිකයා” හඳුන්වාදීමේ ගෞරවය වැඩිවශයෙන් ලෙනින්ට හිමිවිය යුතුයැයි කවරෙකුහෝ විශ්වාස කරන්නේනම් එය බොහෝ දුරට නිවැරදි විය හැකිය. මක්නිසාදයත්, 1895 න් අනතුරුවත් 1902-1903 කාලවකවානුවලත් ඇතුලත ශ්‍රම විභජනයක් සහිත සමස්ථ රුසියානු පක්ෂයක් හැදීමට ලෙනින් ගත් උත්සාහයේදී එම උත්සාහයේ එක් අග්‍ර පලයක් ලෙස මෙම පූර්ණකාලිකයා නොහොත් වෘත්තීය විප්ලවවාදියා හඳුන්වාදීම සැලකිය හැක.

මෙම 20 වන සියවස ආරම්භයේදීම පූර්ණකාලිකයා වාම දේශපාලනයට ගෙනඑන විට, ඊට ප්‍රතිවිරුද්ධව ලෙනින්ගේ ප්‍රතිවාදීන් පහර ගසමින් කියාසිටියේ ” තනි තනි විප්ලවවාදියා විශාල යන්ත්‍රයක අසිහියෙන් යුත් දැති හා ස්කුරුප්පු බවට පත්වියහැකි බැවින් එමගින් විප්ලවවාදී ජීවගුනයට හානි වියහැකි බවත්ය” එයට පිලිතුරු දෙමින් ලෙනින් කීවේ, “ලොව ඓතිහාසික අරමුණ ලුහුබැඳ යන්නාවූ ශ්‍රේෂ්ඨ විප්ලවවාදී පක්ෂයක සුළුවශයෙන් හෝ දැති හෝ ඉස්කුරුප්පු බවට පත්වීමෙන් විප්ලවවාදී ජීවගුනය අඩුනොවන බවයි”. තවද බොහෝකාලයක් මෙන්ෂවික්වරු ලෙනින්ගේ පූර්ණකාලිකයා පිළිබඳ අදහසට විරුද්ධව යමින් ප්‍රකාශකර සිටියේ, පූර්ණකාලිකයා මහජන ව්‍යාපාරයෙන් හුදකලාවී, කම්කරු ව්‍යාපාරයේ වායුව ආශ්වාස ප්‍රාශ්වාස නොකරන්නාවූද, කුමන්ත්‍රනකාරී ලෙස පිරිහීමකට ලක්වියහැකි කිසියම් කුලකයක මිනිසුන් වේය යන්නයි.එයට පිලිතුරු දෙමින් ලෙනින් පැවසූවේ, ” අපට විරුද්ධව පසුගිය අවුරුදු 300 ක් පුරා බලය දරාගෙන, තම උපකරණ හොඳින් ගොඩනගාගත් දැවැන්ත බලයකින් යුත් සාර්වාදී පරම බලධාරිත්වය පරාජය කිරීම සඳහා විශේෂිත වූද, ආශ්චර්‍යමත් වූද උපකරණයක් අවශ්‍යවේ.අපහමුවේ නොමේරු කම්කරු ව්‍යාපාරයක් ඇතිවිටකදී මේ විශේෂිත උපකරණය ලෙස පූර්ණකාලිකයා යොදාගතහැකි බවයි” ( උපුටාගැනීම – බෝල්ශෙවික් පක්ෂයේ ඉතිහාසය / සිනොවිව්, පරිවර්තනය / මනෝජ් ප්‍රනාන්දු).

මේ උනුසුම් සංවාදමැද පූර්ණකාලිකයා ගොඩනැගූ ලෙනින් එමගින් 1900 වනවිට ඉතාම සුළු සංඛ්‍යාවක්ව සිටි බෝල්ශෙවික් වාදීන් 1917 වනවිට සාමාජිකයින් 10,000 ක ප්‍රමානයකට ඉහලට නංවා එවකට දශලක්ෂයක් පමණ සාමාජිකත්වයක් හිමිව තිබූ සෝශලිස්ට් රිවලෝෂනරි (SR) පක්ෂයද, කැඩෙට් වරුනද මෙන්ශවික් වරුන්ද අභිබවා 1917 දී ඔක්තෝම්බර් වනවිට රුසියාවේ පාලන බලය විප්ලවයක් මගින් අත්පත් කරගැනීමට සමත්විය. එහිදී පූර්ණකාලිකයා ගේ කාර්‍යභාරය ඉතාම තීරනාත්මක වූ බවත්, ප්‍රතිපලදායක වූ බවත් අවිවාදිතය.

දැන් අපි ශ්‍රී ලාංකාවේ දේශපලන සංදර්භය පිළිබඳව සලකා බැලුවහොත්, රෝහණ විජේවීරයන් විසින්ද 1971 සන්නද්ධ අරගලය සඳහා පූර්ණකාලීන ක්‍රියාධරයින් හඳුන්වාදෙන ලදී.එසේ ගොඩනැගූ පූර්ණකාලිකයින් රටේ විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් පෙනීසිටිමින් විවිධ වගකීම් දරමින් 71 අරගලය දක්වා ව්‍යාපාරය ගෙනඒමට ඔවුන්ගේ කාර්‍යභාරය දායකවිය.මෙම පූර්ණකාලිකයින්ගේ කැපවීම 1970-71 වනවිට ජනතා විමුක්ති පෙරමුනේ මතවාද රටතුල ප්‍රචලිත කිරීමටත්, අනෙකුත් වාමාංශික පක්ෂ යම් පමණකට අභිබවා ජවිපෙ ඉහලට ගෙනඒමටත් හේතුවිය.එමෙන්ම 89 සන්නද්ධ අරගලය තුලදීද පූර්ණකාලිකයා විවිධ ක්ශේත්‍ර තුලදී විවිධ අයුරින් ක්‍රියාත්මක විය. එහෙත් මේ සෑම විටෙකම රුසියාවේ වේවා,කියුබාවේ වේවා,ලංකාවේ වේවා ඉතා තීරානාත්මක අවස්ථාවක් අරභයා මේ පූර්ණකාලිකයන්ගේ කාර්‍යභාරය යොදාගත්බව අප තේරුම්ගතයුතු වේ.එහෙත් 1989 දී රුසියාවේ සමාජවාදී බලකඳවුර අහෝසිවීයාම තුල ලොවපුරා සමාජවාදී කඳවුරු මුහුණදුන් ඉතා අවාසිදායක තත්වයන් තුල අපිට පෙර පරිදි, එනම් 1989 ට කලින් පරිදිම විශේෂයෙන් පරිධියේ පිහිටි රටවල වාමාංශික ව්‍යාපාර පවත්වාගෙන යාහැකිදැයි කල්පනාකර බැලිය යුතුය.ලොවපුරා ලතින් ඇමරිකාවෙත්, ආසියාවෙත් ඇතැම් පරිධියේ රටවල ඇතිවූ වාමාංශික ගරිල්ලා ව්‍යාපාරත්, ක්ෂණිකව බලය ලබාගැනීමේ ක්‍රමවේදයනුත් පසුගිය දශක ගනනාවක සිට අසාර්ථකවූ අයුරුත් නව සහශ්‍රයෙන් පසු පවතින ලෝකතත්වයන් අනුව වාමාංශික ව්‍යාපාර සිය මාර්ගෝපායන් උපායශීලීව වෙනස්කරගත යුතු බවත්, අප හමුවේ පවතින යථාර්ථය තුල ඊට අදාල නව උපාය උපක්‍රම අනුගමනය කලයුතුව ඇති බවත් අප තේරුම් ගතයුතුවේ.

මේ තත්වය තුලදී පූර්ණකාලිකයා ලාංකීය වාමාංශික දේශපාලනය තුල හැඩගැස්වෙන්නේ කෙසේදැයි පරීක්ෂාකර බලමු.

71 කාලය තුලදී මෙන්ම 89 කාලය වනවිටත් ලංකාව තුල දියුනු කම්කරු පංතියක් බිහිවී නොතිබුනා පමණක් නොව, රාජ්‍ය ශුභසාධන සේවා ආර්ථික රටාවක් තුල ඉතා පසුගාමී ලක්ෂන පැවතුනාවූ විශේෂයෙන් ආගමික හා කුළවලට, ජාතීන් වලට බෙදුනු වැඩවසම් ලක්ෂනද බෙහෙවින් විද්‍යාමානවූ කාලපරිච්චේදයක් බව අප කවුරුත් දන්නා කරුණකි.අදමෙන් ඉන්ෆොබේසිටි වකවානුවක් නොව, සමාජ මාද්‍ය හෝ ජංගම දුරකථන පහසුකම් අදමෙන් දියුනු යුගයක්ද නොවීය.එවන් පසුබිමක් තුල, වාමාංශික පක්ෂයක් මගින් ගොඩනගන්නාවූ පූර්ණකාලිකයා පැමිණියේද එවන් පසුගාමී සමාජ ස්ථරයන් වලිනි.එමෙන්ම ඔවුන් කම්කරුවන් ලෙස නොව වඩාත් ශිෂ්‍ය ව්‍යාපාර තුලින් පැමිනි අයයි.

මේ අනුව ව්‍යාපාරය වෙත එන සාමාජිකයා පක්ෂය මගින් පූර්ණකාලිකයෙකු බවට රූපාන්තරණය කොට, පක්ෂය මගින්ම දේශපාලනය උගන්වා ඔහුව නඩත්තු කිරීමද බොහෝ දුරකට පක්ෂයටම පැවරිණි.පක්ෂය තුලින්ම දේශපාලය ඉගෙනගැනීමේදී මේ පූර්ණකාලිකයා සිදුකලේ පක්ෂයට පිටතින් ලෝක දැනුම සොයායාමට වඩා තම නායකයින්ගේම දේශන, කතා, සංවාදවලට සවන්දීමයි.ඒ අනුව තම ඉහල නායකයින්ගේම දැනුම පූර්ණකාලිකයා වෙතට කාන්දුවීම දිගින් දිගටම සිදුවීම තුල නිරායාසයෙන්ම පූර්ණකාලිකයා ඉහල නායකත්වය මතම යැපෙන තමන්තුල ස්වයං චින්තනයක් ගොඩනගාගැනීමට අපොහොසත්, නිර්මානශීලී හැකියාවන්ගෙන් තොර හුදු ශ්‍රාවකයින් පිරිසක් පමණක් බවට පත්වීමේ අවධානමට මුහුනපානු ලැබේ.අදවනවිට මෙම වාමාංශික පූර්ණකාලිකයාගේ මාක්ස්වාදී දැනුම කෙසේදැයි බැලීමට මෙම ලියුම්කරු හිටපු සහ වත්මන් පූර්ණකාලිකයන් පිරිසක් සම්බන්ධයෙන් කරනලද සොයාබැලීමකදී, යටත් පිරිසෙන් එක් අයකුවත් මාක්ස්ගේ ජර්මන් දෘශ්ටිවාදය (German Ideology) පොත හෝ 18 වෙනි බෲමරි (18th Brumaire) හෝ ගෘන්ඩීස් (Grundrisse) හෝ දාස් කැපිටාල් (Das Capital) හෝ ග්‍රාම්ස්චි හෝ අල්තුසර් හෝ වෙනත් කිසිම චින්තකයෙකු කියවා තිබුනේනැත.ඒ වෙනුවට ඔවුන් කර තිබුනේ ඉහත පොත් හෝ විවිධ චින්තකයින්ගේ උපුටාගැනීම පක්ෂයේම ඉහල දේශකයින්ගෙන් අසා දැනගැනීම පමනි.ඊට අමතරව සමහර පූර්ණකාලිකයන් කරතිබුනේ ” චේ ගුවේරා දිනපොත” විජේවීරගේ “ජාතික ගැටලුව” වැනි පොත් කියවා තිබීම පමණි.එපමණක් නොව ලෝකප්‍රකට දාර්ශනිකයන් වන ෆෙඩ්රිච් නීච්ට්ෂේ (Nietzsche), ඩෙරීඩා (Derrida), මිචෙල් ෆුකො (Michel Fuko) යන අයගැන කිසිදෙයක් දැනසිටියේ නැත.ඔවුන් හෙගල් ගැන අසා තිබුනේ මාක්ස් විසින් ඔලුවෙන් සිටගත් හෙගල් දෙපයින් සිටවූ බවටය. මේ අදවනවිට පූර්ණකාලිකයා ගේ දේශපාලන දැනුමේ තත්වයයි.මේ තත්වයන් මැද මේ පූර්ණකාලිකයා වසර ගනනාවක් පංති සවිඥ්ඥාණය පිටතින් කම්කරුවන්ට ගෙනඒම වෙනුවට “පක්ෂයේ” පනිවිඩය ජනතාව අතරට ගෙනයනවා යැයි කියනු ලැබේ.එනම් පක්ෂයේ ශුභාරංචිය ගෙන් ගෙට ගෙනයාමයි.

එදිනෙදා රැකියාවකට නොයන, අතිරික්ත වටිනාකම් උද්දරනය නොකරන, තමන් කම්හල් තුල වැඩපොළවල් තුල පැය 8ක හෝ 10 ක සේවාමුර තුල ධනේශ්වරයේ දඬුඅඬු වලටමිරිකී සූරාකෑමට ලක්නොවී එමෙන්ම පවුලක් නඩත්තු කිරීමේ කිසිදු වගකීමක් හෝ වගවීමක් නොමැතිව ඒ පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව බොහෝ පූර්ණකාලිකයන් ඉතාම තරුණ වයසින් පූර්නකාලීනව දේශපාලනයට යොමුවේ.කාලයක් පුරා පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන ඔවුනට දිගින් දිගටම මුනගැසෙන්නේද,ගනුදෙනු කරන්නේද, අදහස් හුවමාරු වන්නේද එකම දේශපාලන අදහස් දරන එකම මට්ටමේ පිරිසක් සමඟ බැවින් ඔවුන් කල් යත්ම ඔවුන්ගේ පැවැත්ම බාහිර ලෝකයෙන් වෙන්ව තනි කන්ඩායමක නැත්නම් “කල්ට්” එකක ස්වරූපයක් දරනු ලබයි.ඔවුනටම විශේෂිතවූ වාග් මාලාවක් මෙන්ම දුම් බීමෙන් වැලකීම,මත්පැන් බීමෙන් වැලකීම වැනි දේවල් මෙන්ම තවත් සුවිශේෂී වූ අල්පේච්චතා බොහොමයක් නඩත්තු කිරීමට පෙළබේ.කාලයක් මේ තත්වය තුල සිය ජීවිකාව ගෙනයන පූර්ණකාලිකයා ඉතා තදබලලෙස පක්ෂයේ ඉහල කේඩරයට හීලෑවන තත්වයකට පත්වේ.ඉහලින් ගන්නා සියලු තීරන අනුමත කරන ඒවා සාධාරණය කරන,ඒවා ක්‍රියාත්මක කිරීමට දිවිහිමියෙන් කැපවීම යනු තමන් කලයුතු දේශපාලනය බව සිතන යාන්ත්‍රික ක්‍රියාධරයින් පිරිසක් බවට ක්‍රමයෙන් පත්වේ.

එපමනක් නොව කල් යත්ම බාහිර ලෝකයේ සම්බන්ධතා අහිමිවීමෙන් බාහිර ලෝකයත් තමාගේ ලෝකයත්”පක්ෂය” පමණක් බවට පත්කරගනී.පක්ෂයෙන් ඉඳ හිටලැබෙන සුළු මුදලින් ජීවිත නඩත්තුව අපහසුතා මැද ගෙනයාමට බලකරයි.

එහි ප්‍රතිපලයක් ලෙස ශරීර සෞඛ්‍ය එන්න එන්නමපිරිහී යයි.දීර්ඝ කාලයක් පෝශ්‍යදායක ආහාර නොලැබීම, නියමිත වේලාවට ආහාර නොගැනීම, නියමිත වේලාවට නින්ද නොලැබීම, ශාරීරික අභ්‍යාස හෝ නිසි විනෝදාංශ නොතිබීම, වැනි දේවල් දීර්ඝ කාලයක් තුල අත්විඳීමෙන් බොහෝ පූර්ණකාලිකයන් හට දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇස්පෙනීමේ දුර්වලතා, ගැස්ට්‍රයිටිස් ආබාධ මෙන්ම මානසික ආබාධවලින්ද පීඩාලබයි.එසේත් නැත්නම් ඉහත ආබාධ ඇතිබවවත් නොදනී.වාර්ශිකව හෝ වෛද්‍යවරුන් හමුවීමට නොයයි නොඑසේනම් එසේ යාමද අවඥ්ඥාවෙන් බැහැර කරනු ලබයි.එකම සෙරෙප්පු කුට්ටම පැළඳීම, එකම ඇඳුම ඇඳීම,බුලත්විට කෑම වැනිදෑ පූර්ණකාලිකයන් ගේ පොදු ලක්ෂන බවට පත්වේ. විවාහයක් ගැන සිතීම හෝ ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් සිටීම හෝ පවුල් ජීවිතගතකිරීම කිසියම් වැරදි එනම් තමානිමග්නව සිටින කර්තව්‍යයන් හට විරුද්ධාභාෂයක් ලෙස අවිඥ්ඥානිකව ගනී.

මේ සියලු ගැටලු දොම්නස් ඉදිරියේදී විප්ලවය ජයගැනීමෙන් පසුඉඳිවන “සමාජවාදී” රාජ්‍ය තුල දූරින්භූතවී යනබව සිතයි.

එහෙත් පූර්ණකාලිකයාට ඉදිරියේදී මුහුනදීමට සිදුවන යථාර්ථය එසේ මටසිලිටු ෆැන්ටසියකින් අහවර නොවේ. ඔවුන් ක්‍රම ක්‍රමයෙන් වයසට යයි.එවිට කල් යාමේදී කලින් මෙන් තමන් නියෝජනය කරන පක්ෂයේ කාර්‍යභාරයට කරදීම උදාසීන කරනු ලබයි.දිනෙන් දින පූර්ණකාලිකයා ගේ අසනීප තත්වයන්, දුක් ගැනවිලි, පැමිණිලි, චෝදනා බහුල වේ.එවිට ක්‍රම ක්‍රමයෙන් පක්ෂයට ඔහුව හිසරදයක් බවට පත්වේ.නිතර තරහ යාම සහ තමනට වයසින් බාල පක්ෂ සාමාජිකයාගේ පරම්පරාවේ අදහස් නොතේරීම සහ ඊට එරෙහිව ඇතිවන විරෝධය වැනි දේවල් නිසා මේ මැදිවිය ඉක්මවන පූර්ණකාලිකයා තමන් පවත්නා අවකාශය තුලම කල් ඉකුත්වී ඇතිබවට හැඟීමක් ඇතිවේ.පක්ෂය හමුවේද ඔවුනට ගැලපෙන විෂේශිත කර්තව්‍යයන් නොමැතිබැවින් ඔවුන් හැකිතරම් තනි තනිවැඩවල නිමග්න කිරීමට බලයි.මේ වනවිට පූර්ණකාලිකයා හට නැවත තම ගම වෙත හෝ පවුල වෙත යාමට හැකියාවක් නොමැත්තේ ඔවුන් අතින් පවුලට හෝ ඥාතීනට කිසිම යුතුකමක් ඉටුකරනැතිබැවිනි.එසේම ලොකුමහත්වී ඇති දරුවන් සිටීනම් ඔවුන්ගේද චෝදනාවන්ගෙන් මිදීමටනොහැකිවේ.මේ ලියුම්කරු සොයාබැලූ මෙසේ මැදිවිය ඉක්මවූ සමහර පූර්ණකාලිකයන් ගේ දරුවන්ගේ චෝදනාවක් නම් තමන්ගැන හරිහැටි නොබැලූබවයි.ඒ හේතුවෙන් ඔවුනට නිසිපරිදි අධ්‍යාපනය ලැබීමට හෝ අවශ්‍ය ආර්ථික මට්ටමක් නොතිබූ බවයි.මේ සියලු දේවල් චෝදනාලෙස පූර්ණකාලිකයා වෙත අභිමුඛවේ.

තවත් පැතිකඩක් සලකා බැලූවිට, මේ වාමාංශික පක්ෂවල නායක කාරකාදීන් වෙත මේ සාමාන්‍ය පූර්ණකාලිකයාට මුහුණදෙන ගැටලු බොහෝ විට මතුනොවේ.විශේෂයෙන් ඉහල නායකයන් විශ්ව විද්ද්‍යාල වලින් පැමිණි අය හේතුවෙන් ඔවුන් පූර්ණකාලිකයන් වූවද ඔවුන්ගේ බිරියන්දෑවරු සරසවි වලදී ඇතිවූ දැනහැදිනීම් මත විවාහවුනුබැවින් පක්ෂයේ ඉහලනායකයන්ගේ යැපීම ඔවුන්ගේ බිරින්දෑවරුන් මාර්ගයෙන් විසඳේ, එසේත් නැත්නම් ඔවුන්ගේ සමකාලීන මිත්‍රයන් ඒ වනවිට රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල ඉහල තනතුරු දරනබැවින් මේ ඉහල නායකයිනට යැපීම අපහසු කාරනාවක් නොවේ.

එපමණක් නොවේ, මේ කාරණය තවදුරටත් විෂ්ලේශණය කරනවිට ඉතා පැහැදිලිව පෙනීයන කරුණක් නම්, මෙම පක්ෂවල්වල ඉහල ස්ථරවල සහ පහල ස්ථරවල පූර්ණකාලිකයින් අතර පංති පරතරයක්ද ඇතිවී ඇති බවයි.පක්ෂයේ ඉහල කාඩරයින් බොහෝවිට පක්ෂයේ රථවාහන පාවිච්චියට,පක්ෂයෙන් ලැබෙන නිවාස පාවිච්චියට ඇතුලු බොහෝ වරප්‍රසාදවලට හිමිකම් කියනුලබන අතර ඈත එපිට හම්බන්තොට, මොනරාගල පූර්ණකාලිකයා අතිශය දුෂ්කර වාතාවරනයන් යටතේ ඉතාමත් අවම ජීවන කොන්දේසි යටතේ ජීවිකාව ගෙනයනු ලබයි.තවත් හොඳින් මේ කාරණය විමසාබැලූකල ඉහල පූර්ණකලිකයාගේ පවුල් පසුබිම සහ පවුල් තත්වයද පහල පූර්ණකාලිකයාට සපුරාවෙනස්වේ.සමහර ඉහල පූර්ණකාලිකයන්ගේ දරුවන් පෞද්ගලික සරසවිවලද,දියුනු රටවල සරසවි වලද අධ්‍යාපනය හදාරන අතර දුෂ්කර පළාත්වල පූර්ණකාලිකයාගේ දරුවන් ග්‍රාමීය පාසැල් වල බොහෝ අඩුපාඩු මැද,අඩු පෝෂණය සහිතව ඉගෙනුම ලබනු දැකිය හැක.පක්ෂයේ ඉහල පූර්ණකාලිකයා විශේෂයෙන් පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය කරනු ලබයිනම් තත්වය මීටත් වඩා බොහෝසේ වෙනස්වේ.නවීන වාහනයක් නිලනොලත් තනි අයිතියකට පවරාගැනීමේ සහ පක්ෂයේ විශේෂ (VIP) කෙනෙකු ලෙස පෙනී සිටීම, ඕනෑම පක්ශ ශාඛාවකට ගියවිට මුල් පුටුව හිමිවීම, කෑමබීම සත්කාර වෙනමම හිමිවීම ආදි මෙකී නොකී බොහෝ “සංග්‍රහ” භුක්තිවිඳීමේ අවස්ථාවන් මේ ඉහලපූර්ණකාලිකයාට හිමිවනබව රහසක් නොවේ.පහුගිය වකවානුවල මේ තත්වයන් “ පමණ ඉක්මවා” ගිය අවස්ථාද නැතුවා නොවේ.

මෙනයින් ගත්කල මේ පක්ෂවල ඉහල පූර්ණකාලිකයා සහ පහල පූර්ණකාලිකයා අතර ඉතා පැහැදිලි පංති පරතරයක් නිර්මාණය වී සහ වෙමින් තිබෙන බව රහසක් නොවේ.

මීට පරිබාහිරව පක්ෂයේ අනිකුත් හිතවතුන් සහ පූර්ණකාලීන නොවන සාමාජිකයින් තුල මේ පූර්ණකාලිකයා වෙත ඇත්තේ අතිවිශාල භක්තිය මුසු ගෞරවයකි.කැපකිරීම් වලින් උපරිමයට පැමිනි පිරිසක් බවත් ඔවුන් විශාල සේවයක් පක්ෂයට කරදෙන බවත් ඔවුන් විශ්වාස කරනු ලබයි.එහෙත් සැබෑ සත්‍ය නම් මැතිවරණයකදී මෙකී පූර්ණකාලිකයාට චන්ද 10 ක් හෝ පක්ෂයවෙත හැදීමට හැකියාවක් නොමැති බවයි.ඔවුන් ගනුදෙනු කරන්නේ පක්ෂය තුල අයම සමග බැවින් පූර්ණකාලිකයාට එසේ තම පක්ෂ මතවාදයන් එලියේ ජනතාවට ගෙනයාමට නම් ඔවුන් පක්ෂයෙන් එලියේ ජනතාව සමඟ බද්ධ විය යුතුය.එසේත් නැත්නම් කම්කරුවන් ලෙස අතිරික්ත වටිනාකම් උද්දරනය කරන පිරිසක් විය යුතුය.ඔවුන්ගේ අදහස් වලට ඔවුන් වටා සිටින අය සවන්දෙන්නේ එවිට පමණි.අනෙක් අතට තමන් සූරාකෑමට ලක්වන බව තමන්ටම තේරීමට පටන්ගන්නේ අතිරික්ත වටිනාකම් උද්දරනය කරන කම්කරුවන් වූවිට පමණි.එවිට තම පවුල් නඩත්තුව සහ විශ්‍රාම යාමේදී ආර්ථික සුරක්ෂිත තාව ඔවුනට හිමිවේ.සෞඛ්‍යය තත්වය සහ අනෙකුත් ආර්ථික ගැටළුවලට පක්ෂයේ පිහිට පතනවාට වඩා තමාටම ඒවා විසඳාගැනීමට පෞරුෂයක් ගොඩනගාගැනීමට හැකිවේ.එමගින් පක්ෂයතුල ඉහලින් ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශ්න කිරීමට හැකිතත්වයක්, හැකි පෞරුෂයක් තමා තුලම ගොඩනැගේ.එපමණක් නොව, කම්කරුවකු ලෙස වැඩකිරීමෙන් ලබනා යම් ආදායමකින් තමාටම වූ පොත පතක්, කොම්පියුටරයක්, ස්මාට් ෆෝන් එකක් ලබාගැනීමටත් ඒවා තුලින් ලෝකයගැන හැදෑරීමටත් එමගින් පූර්නකාලීනව දේශපාලණයේ යෙදෙනවාට වඩා බොහෝ දියුනු ක්‍රියාධරයකු වීමේ අවස්ථාව හිමිවේ.එමගින් ගත්කල ලෙනින් එදා ගොඩනැගූ පූර්ණකාලිකයා සම්බන්ධවත්, විජේවීර විසින් ගොඩනැගූ පූර්ණකාලිකයා සම්බන්ධවත් ඒ ඒ පැවතුනු සන්දර්භයන් තුල වලංගුතාවයන් තිබූ නමුදු, පවතින පශ්චාත් නූතන තත්වය තුලදී පූර්ණකාලිකයා ඒ ආකාරයෙන්ම වලංගු නොවන බව අප මේතුල අවබෝධ කරගතයුතුය.

එසේම ලොවවටා බොහෝ වාමාංශික පක්ෂවලට පැමිණියේද මාක්ස්වාදී න්‍යායට වඩා ලෙනින්ගෙන් පසු බෝල්ෂෙවික් පක්ෂයේ බලය අල්ලාගත් ස්ටාලින්ගේ තනිරටේ සමාජවාදය නැමැති ස්ටාලින්ලා සහ බුකාරින්ලා ගොඩනැගූ න්‍යායයි.ඒ තුල පුද්ගලයා විප්ලවය වෙනුවෙන් හෝ විප්ලවීය පක්ෂය වෙනුවෙන් දියවී යායුතුය.පුද්ගල සාරයක් හෝ ස්වාර්ථයක් වෙනුවට පක්ෂය ආදේශ කොටගත යුතුය.ඒ තුල පුද්ගලයා වැඳගත් නොවේ. තමා හෝ තම පවුල කියා දෙයක් වෙනුවට පක්ෂය යනු ඒ සියල්ලමයි.ඒ තුල කැපකිරීම් පමනක් කිරීම යනු විප්ලවවාදී ජීවිතයයි.පූර්ණකාලිකයා හැඩගැසුනේද ස්ටැලින්වාදී න්‍යායන් තුලමිස මාක්ස් පෙන්වාදුන් සම්භාව්‍ය මාක්ස්වාදී ප්‍රවාදවලට වටිනාකමක් එක් කලහැකි පිරිසක් නිර්මාණය වීමට නම් නොවේ.

~ රංජන සේනානායක

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan