හැකි නම් උසාවි යනු – විමල් වීරවංශ ශවේන්ද්‍ර සිල්වාට අභියෝග කරයි

නවය ; සැඟවුණු කතාව නමින් තමන් රචනා කළ පොතේ සඳහන් කරුණු සම්බන්ධයෙන් හැකි නම් නඩු පවරන ලෙස හිටපු හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාට තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“අරගලය සහ ඇමරිකාව අතර තිබුණු සබඳතාව පිළිබඳව මම ලියපු පොතේ අන්තර්ගත කරුණුවලින් තමන්ට අගතියක් වුණා කියලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වා මට එන්තරවාසියක් එවලා. ඒ “ගහපු ගේම” ගැන, අපි පොතේ ලියා නැති ඒවාත් උසාවියේ දී සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමට සූදානම්. මම ඔහුට අභියෝග කරනවා, හැකිනම් නඩු පවරන්න කියලා”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ කුරුවිට සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...