විසඳුම් නොලැබුණොත් වර්ජනය දැඩි කරනවා, අත්‍යවශ්‍ය සේවාත් නවතීවි – රවී කුමුදේශ්

0
331

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවෙමින් සිටී. අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

හෙද සේවය, වෛද්‍ය රසායනාගාර සේවය ඇතුළු ශ්‍රේණිවල සෞඛ්‍ය සේවකයන් සහ ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් රැසක් වර්ජනය නිරත වේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි. විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසනවා. බළධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවත්, එම කාලසීමාව තුළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්, කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාද අඩපන වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here