IDH රෝහලේ නොසැලකිල්ලෙන් සිව් හැවිරිදි දරුවෙකු මරුට!

Date:

කොළඹ LNW:උණ රෝගය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පසුගිය 30 වැනිදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වාට්ටු අංක දෙකට ඇතුල් වූ දරුවෙකු සිව් හැවිරිදි දැරියක් ඩෙංගු කම්පන තත්ත්වයෙන් ඊයේ පස්වරුවේ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචි බිහංසා සදෙව්මිණි දියණියයි.

ඩෙංගු රක්තපාත තත්ත්වයේ කම්පන තත්ත්වයේදී සංසරණය වන රුධිරයේ ප්ලාස්මාව සංසරණයෙන් පිටතට යන තත්ත්වයක් ඇතිවෙන බවත් එය හදුන්වන්නේ ලීකින් ෆේස් ලෙසත්ය.

මෙය පැය 8-12 පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ රෝගියා ඉතාම සුපරීක්ෂාකාරීව රෝහල් කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කළ යුතු වන අතර එම අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කරගත හොත් රෝගියාගේ ජීවිත අවධානම වළක්වා ගැනීමට හැකි වන බවයි රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙක් සඳහන් කළේ.

මෙම දැරියගේ මරණයට හේතුව ඩෙංගු කම්පන තත්ත්වය බවත් මෙම කම්පන තත්ත්වය කලින් හඳුනා ගත්තා නම් මෙම මරණය සිදුනොවන බවත් ඒ අනුව නිසි ලෙස තත්ත්වය හඳුනාගෙන නොමැති බවත් සිදුකර තිබෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා දැරියගේ මවට පවසා තිබේ.

මුල් අවස්ථාවේදී කම්පන තත්ත්වය හදුනාගෙන නොමැති බවත් මෙම කම්පන තත්ත්වය හදුනාගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවත් සඳහන්.

මේ වන විට මෙම මරණයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් පටක පරීක්ෂණවලට යොමුකර තිබේ.

ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර කරන දිවයිනේ ප්‍රමුඛතම වෛද්‍යවරයකු වන ආනන්ද විජේවික්‍රම මහතා සේවය කරන රෝහලේ මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකුගෙන් විමසූ විට එම තැනැත්තා පැවසූවේ මෙම මරණය සිදුවී ඇත්තේ ළමා වාට්ටුවේ බවත් විජේවික්‍රම මහතා සත්කාර කරනු ලබන්නේ වැඩිහිටියන් සදහා වන බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...