*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

පොලිස්පති පත් කිරීම කාදිනල් හිමිටම භාර දුන්නොත් හරියයි ද ?

රටේ පොලිස්පති තනතුර හිස්වෙලා සතියකුත් ගතවෙලා. නමුත් තවම අවම වශයෙන් වැඩ බලන පොලිස්පතිවරයෙක්වත් පත් කරලා නෑ. ඔය අතරේ පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් ලිපියක් යවලා කියලා ආරංචියි. මෙවර ලිපිය හදලා තියෙන්නේ අරගලයේ කට්ටියක් එක්ක එකතුවෙලා කියලත් ආරංචියි . කොළඹ අගරදගුරු මැදුරේ ඉඳන් ශෙහාන් මාලක ගමගේ ඔය ලිවුම ලිව්වා කියලා තමයි කතාව යන්නේ.

කලින් ලියුමේ කාදිනල් හිමියන් ඉතාම පැහැදිලිව නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස්පති තනතුරුට පත්කිරීම ගැන සලකා බැලීම සහමුලින්ම නතරකර දමන ලෙසත් එම ධූරය සඳහා ඔවුන්ගේ නාම යෝජනා කිරීමටවත් සලකා නොබලන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණා. සාමාන්‍යයෙන් පොලිස්පතිවරයෙකු පත් කරන ක්‍රමවේදය මෙහෙමයි. මුලින්ම ජනාධිපතිවරයා පොලිසිපති තනතුරට සුදුසු නිලධාරියෙක්ගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන්න ඔින. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන්න ඔින. ජනධිපතිගේ යෝජනාව ඔවුන් අනුමත කරන්න ඔින. ඉන්පසුව ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පොලිස්පතිව පත්කරන්න ඔින. ඉතින් ඔය ක්‍රමවේදයේ කොහෙවත් කාදිනල් හිමියන්ගෙන් හෝ වෙනත් ආගමික නායකයන් හෝ පූජකයන්ගෙන් අවසර ගන්න ඔින කියලා නෑ.

පොලිස්පති නෙවෙයි මොනම පත්කිරීමකටවත් ඔය විදිහට පූජ්‍ය පක්ෂයෙන් බලපෑම් එන එක කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. මේක අන්තිම නරක පූර්වාදර්ශයක්. රාජ්‍ය පරිපාලන කටයුතුවලට මොනම හෝ ආගමක් ඔය විදිහට මැදිහත් වෙන්න ගත්තොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් තේරුමක් නැති වෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් වෙලා නතර වෙන්නෙ.

පොලිස්පති තනතුරට යෝජනා වෙලා ඉන්න නිලධාරීන් ගැන විවිධ අයට විවිධ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න විසඳාගන්න වෙන්නේ රටේ නීතිය ඉස්සරහට ගිහින්. අධිකරණයකින් දෙන තීන්දුවක් ගැන කාට වුනත් සෑහීමකට පත්වෙන්න වෙනවා. එහෙම නැතුව කාදිනල් හිමියන්ගේ හෝ වේවා වෙන කවුරුහරි ආගමික නායකයෙකු වේවා උසාවියක නඩු අහලා ඒ අයම දඬුවම් නියම කරලා ඒවා ක්‍රියාත්මත කරන්න කියලා ජනාධිපතිට බල කරන්න යනවා නම් ඒක කොහෙත්ම හරියන වැඩක් නෙවෙයි.

ඔය යන විදිහට රටේ ඉහළම තනතුරු වලට නිලධාරීන් පත් කිරීම අගරදගුරුතුමන්ලායි, මහානායක හිමිවරුයි, මවුලවිවරුයි, පූසාරිවරුයි භාර ගත්ත දවසට රටට අබ සරණම තමයි.

කාදිනල් හිමියන්ගේ දේශපාලන පක්ෂග්‍රාහී බව මීට කලිනුත් අවස්ථා කිහිපයකදී ජනතාවට පැහැදිලිවම පේන්න තිබුණා. පසු කාලීනව එතුමා ඒක වහගන්න අරගොල්ලෝ මේගොල්ලෝ අරගල කරයෝ අස්සේ හැංගෙන්න හැදුවට වැඩක් නෑ. කාදිනල් හිමියන් වැඩිපුර දඟලන තරමට සිද්ධ වෙන්නේ පරණ ඒවත් වැඩි වැඩියෙන් මතක්වෙන එක තමයි.

පාස්කු ප්‍රහාරය දරුණු අපරාධයක්. එහි වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි. නමුත් රාජ්‍ය පාලනයට පූජකවරුන්ගේ මැදිහත්වීම ඒකෙන් සාධාරණීකරණය වෙන්නේ නෑ.

CW

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan