ලංවිම කරන්නේ බොරුවක්.විගණනයකට ලක්විය යුතුයි – ඕමල්පේ හිමිගෙන් චෝදනා

Date:

කොළඹ LNW:විදුලි බල මණ්ඩලය විසින් 14%කින් විදුලි බිල අඩු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන් ලෙස සෑහීමකට පත් නොවෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති.

විදුලි බිලෙන් 3%ක් අඩු කරන බව පවසා තිබියදී එය 14%ක් වූයේ කෙසේද යන ප්‍රශ්නය පවතින බවයි උන්වහන්සේ පවසන්නේ.

ඒ අනුව විදුලි බල මණ්ඩලය පෙන්වා ඇත්තේ බොරු වියදම් බව උන්වහන්සේ ප්‍රකාශ කරති.

”අපිට තව සැකයක් තියෙනවා විදුලි බල මණ්ඩලය ගිය පාර කොහොමද 66% වැඩි කරන්න ඕනේ කිව්වේ. විදුලි බල මණ්ඩලය ඒ පෙන්නපු වියදම් බොරු කියලා අපිට දැන් ඕප්පු වෙනවා. විදුලි බල මණ්ඩලයේ ඉන්නේ දූෂිත නිලධාරීන්. බිලියන 15ක තැන්පතු මුදල බිලියන 15 ප්‍රතිලාභ ආයෝජනයකට යෙදෙව්වාද? ලැබෙන ලාභය කියද? ඒ කිසිවක් වෙලා නෑ. තැන්පතු මුදලේ පොළිය වංචනිකව ගන්නවා. විදුලි බල මණ්ඩලය විගණනයකට ලක්විය යුතුයි. අපි පාරිභෝගිකයින් වශයෙන් බරපතල අසාධාරණයකට ලක්වෙලා ඉන්නෙ.

මේ වනවිට විදුලි බල මණ්ඩලයට ලැබෙන්න ඕන රුපියල් බිලියන 36ක් කපා හැරලා. එහෙම තියෙද්දි 25000 හිඟයට විදුලිය විසන්ධි කළා. ඇයි මෙහෙම අසාධාරණයක්” යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...