බැඩ්මින්ටන් මූලික වැඩ මුළුව ජූලි 8 – 9 අනුරාධපුරේදී

බැඩිමින්ටන් පුහුණුකරුවන් යටතේ වෘත්තිමයභාවය සනාත කරන සහ පුහුණු බලපත්‍රයක් නිකුත් කිරීම දක්වා වන සිව් අවුරුදු වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එම වගකීම පැවරි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව විසින් එම වැඩ පිළිවෙලට සමගාමීව පුහුණුකුරුවන් සඳහා වූ මූළික මට්ටමේ වැඩ සටහන ජූලි 8 සහ 9 යන දෙදින තුළ අනුරාධපුර ප්‍රින්ස් කුක් ක්‍රීඩාංගණය ආශ්‍රීතව පැවත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.මෙම වැඩ සටහනේ අවසාන ඉලක්කය මෙහි අවසාන ඉලකකය ලෙස දක්වා ඇත්තේ අනාගත අභියෝග ජය ගැනීමට සහ ලෝක මට්ටමේ ක්‍රීඩකයින් බිහි කිරීමට පුහුණුකරුවන් සන්නද්ධ කිරීමයි.

උතුරු මැද පළාතේ පැවත්වෙන මෙම වැඩ මුළුවේදී උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ පුහුණුවකරුවන්ට මූලික දැණුම සම්පාදනය කිරීම අපේක්ෂා කෙරේ.ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ අනුදැනුම සහ ආශිර්වාදය ඇතිව පැවත්වෙන මෙම පාඨමාලාවට බැඩ්මින්ටන් ලෝක සම්මේලනය (BWF), බැඩ්මින්ටන් ආසියා (BA) සහ ජාතික ඔලිම්පික් කමිටුව (NOC) විශේෂයෙන් සහයෝගය දක්වා ඇත.

ඊට අමතරව බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුවේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි වැඩ සටහන් අතරට SLB Level 2 Coaching Program, BWF Level 1 Coaching Program එකේ දෙවන වාරිකය සහ කීර්තිමත් BWF Level 2 Coaching Program යන පුහුණු වැඩ සටහන්ද ඇතුළත් කර ඇත.ලංකාවේ පුහුණුකරුවන් සඳහා රජයේ ප්‍රමිතියෙන් යුතුව පුහුණුව ලබා දෙන ආයතනය හැටියට පිළිගැනෙන්නේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය වන අතර ශ්‍රී ලංකා බැඩිමින්ටන් එම ආයතනය ද මෙම වැඩ සටහන සඳහා දායක කරගන්නේ නම් ඉදිරියේදී පුහුණුකරුවන්ට ජාතික මට්ටමේ වගකීම් පැවරීමේදී ක්‍රීඩා අමාත්‍යංශය දෙසින් අඅවසර ගැනීමේදී එය වඩාත් පහසු කාර්යයක් වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...