අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත්

Date:

වයස අවුරුදු 05 ට අඩු දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී සිදුවිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය බී.ජේ.සී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ අවුරුදු 05 ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත් ලබාදිය හැකි බව මේ වනවිටත් ගෝලීය වශයෙන් සනාථ වී ඇති බවයි.

අවුරුදු 05 ට අඩු, මාස 06 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදිය හැකිද යන්න පිළිබඳව මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් තිබෙන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී එන්නත් ලබාදෙන වයස් සීමාවන් වෙනස් විය හැකි බවයි.

කොවිඩ් ආසාදනය වන දරුවන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවද ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බැවින් ඔවුන්ටද එන්නත් ලබාදීම සුදුසු වන බවද ඔහු පවසනවා.

කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ ව්‍යාජ මත ප්‍රචාරය වන බැවින්, එම ව්‍යාජ මතවලට නොරැවටී හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙද බී.ජේ.සී. පෙරේරා වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...