වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණයට නිසි වැඩපිළිවෙළක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් , වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්ෂණයට නිසි වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කරන්නැයි  සත්ත්වෝද්‍යාන බලධාරීන්ට උපදෙස්දී තිබේ.

වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම කමිටුව සකස් කරන ලෙස කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිහවන්න මහතා උපදෙස් ලබාදී ඇත්තේ,

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පසුගියදා රැස්වූ අතර , IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද එහිදී කෝපා කමිටුව පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්ෂණයක් සිදු කළ යුතු බවත්  කෝපා කමිටුව පෙන්වා ඇති අතර, පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද කමිටුවේදී විශේෂ අවදානය යොමුවී තිබෙන බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙහිවල වෙඩිතැබීමේ සැකකරු STF වෙඩි ප්‍රහාරයකින් මරුට !

පසුගිය 18 වනදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය...

අමෙරිකානු මල්ලවපොර පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු මල්ලවපොර ශූරයෙකු...

ප්‍රසිද්ධ බේකරි ව්‍යාපාරිකයෙක් දේශබන්දුට අරන් දුන් ඉඩමක් ගැනත් විමර්ශනයක් ?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් බුලත්සිංහල ප්‍රදේශයේ වටිනා...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අධ්‍යාපනය සුහුරු මෙන්ම මූලික අයිතියක් විය යුතු යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපනය සම්බන්ධ විවාදය හරාත්මක ධනාත්මක ගුණාත්මක...