මුදල් නොගෙව්වොත් වෙන්න යනදේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම වසරේ ජනවාරි මස 12 වනදා ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් නියෝග කළ,  පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සිය පෞද්ගලික මුදලින් වන්දි ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා ඇතුළු පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති කාලය ලබන බදාදා (12)  දිනයෙන් අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කෝටි 10කුත්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට කෝටි 7.5ක මුදලක් වින්දිතයින්ට ලබාදෙන ලෙස නියම කර තිබුණි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කෝටි 5ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට කෝටියක මුදලක් ද වින්දිතයන් හට ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ අතර කිසිදු විත්තිකරුවෙකු මේ දක්වා වින්දිතයන් සඳහා වන අරමුදලට එම මුදල් බැර කර නොමැති බව වාර්තා වේ.

නීති විශාරදයින් පෙන්වා දෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව අදාළ වන්දි මුදල් නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලෙකෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...