නවගමුවේ ගෝත්‍රිකත්වය සහ ලංකාවේ කාන්තා හා වාම විමුක්ති ව්‍යාපාර …

Date:

මිනිසුන්ව නිරුවත්කර පහරදීම යනු ගෝත්‍රික යුගයේ පැවති අන්ත ම්ලේච්ඡ දන්ඩන ක්‍රමවේදයකි..දන්ඩනයේ අබිප්‍රාය දඬුවමට ලක්වන්නාගේ ආත්මයද ව්නාශකර දැමීමයි..එයින්ද ගැහැණුන්ව නිරුවත්කර පහරදීම නින්දිතම සහ ම්ලේච්ඡම දඬුවමකි.

මෙහිදී මේ දූපතටම ආවේණික පසුගාමීත්වයක් නිසාදෝ ලංකාවේදී යම් යම් අවස්තාවල පිරිමින් පමණක් නොව ගැහැනුන් පවා නිරුවත් කර පහරදී එතැනින් නොනැවතී ඔවුන්ව මරා දැමුණු අවස්තා ගනනාවක්ම තිබිනි. මේ අතරින් ප්‍රේමවතී මනම්පේරි සිද්දිය කිළිනොච්චියේ ඉසිප්‍රියා සිද්දිය ආන්ඩුවේම මැර බලකායන් සිදුකල සහ ප්‍රස්ද්දියට පත්වු සිදුවීම් ද්විත්වයකි.

මේ සිද්ධි දාමයේ මෑතකම සිද්දිය වන්නේ පන්සලට කඩාවැදුන මැරයන් පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුව නිරුවත් කර පහරදෙමින් වීඩියෝ ගතකර සමාජමාධ්ධ්‍යයට මුදා හැරි නවගමුව පන්සලේ සිද්දියයි. නමුත් මේ සිද්දියේදී ලංකාවේ මොනම කාන්තා සංවිධානයක් හෝ වමේ ව්‍යාපාරයක් හෝ මේ කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටියේ නැත..

ඇතැම් විට එයට හේතුව මේ කාන්තාවන් පන්සලට, පොදුවේ සාසනයට අපකීර්තියක් අත්කර දීමට දායකවීම නිසා ඔවුන් වෙනුවෙන් පෙනීසිටීම බහුතර ආගමික ජනමනසට එරෙහිව යාමක් නිසා ඔවුන් වෙනුවෙන් පෙනීසිටීම අවාසියක් ලෙස ඔවුන් සිතන නිසාද විය හැකිය. ඇත්තෙන්ම ගත්කල ඔවුන් එසේ සිතන්නේ නම් ඒ මනෝබාවය ලාංකීය ගෝත්‍රිකත්වයේ අනික් කෙලවර ලෙස අපට හඳුනා ගත හැකිය.

ඇතැම්විට මේ කාන්තාවන් ආර්ථික දුෂ්කරතා නිසා මේ ඛේදවාචකයේ වින්දිතයන් වූවා විය හැකිය. නැතිනම් ආර්ථික අර්බූදය හේතුවෙන් ඔවුන්ව ලිංගික ශ්‍රමිකයන් වීම නිසා මේ අවුලේ පැටලී මෙහි සෝචනීය වින්දිතයින් වූවාද විය හැකිය. ඒ මොක උනත් ඔවුන් මේ රටේ අනෙක් කාන්තාවන්ට හිමි සියළු ගෞරවනීය කාන්තා අයිතීන් හා රැකවරනය හිමි ගැහැණු ජීවීන්‍ ය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...