අධික වර්ෂාපතනය හේතුවෙන් ජපානයට අහිමි වූ ජීවිත!

දැඩි වර්ෂාපතනය හේතුවෙන් නිරිතදිග ජපානයේ ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුෂු දූපතට ඇදහැලුනු වර්ෂාපතනයක් සමඟ ගංගා පිටාර ගලමින් කඳු බෑවුම් කඩා වැටී ඇති අතර ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සඳුදා(10) කුරුමේ ප්‍රදේශයට මිලිමීටර් 402.5 ක වර්ෂාපතනයක් වාර්තා වූ බව වාර්තා කර තිබිණි. එය එම ප්‍රදේශයෙහි වාර්තා වූ ඉහළම අගය විය.

මාර්ග සහ විදුලි රැහැන් කපා හැර ඇති අතර, තවත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් දහස් ගණනකට අවධානම් කලාප වලින් ඉවත් වන ලෙස නියෝග කරන ලදී.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ Satoshi Sugimoto පැවසුවේ, මෙම වර්ෂාපතනය කලාපයේ “මෙතෙක් අත්විඳින ලද අධිකම වර්ෂාපතනය” බවයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...