අධික වර්ෂාපතනය හේතුවෙන් ජපානයට අහිමි වූ ජීවිත!

Date:

දැඩි වර්ෂාපතනය හේතුවෙන් නිරිතදිග ජපානයේ ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුෂු දූපතට ඇදහැලුනු වර්ෂාපතනයක් සමඟ ගංගා පිටාර ගලමින් කඳු බෑවුම් කඩා වැටී ඇති අතර ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සඳුදා(10) කුරුමේ ප්‍රදේශයට මිලිමීටර් 402.5 ක වර්ෂාපතනයක් වාර්තා වූ බව වාර්තා කර තිබිණි. එය එම ප්‍රදේශයෙහි වාර්තා වූ ඉහළම අගය විය.

මාර්ග සහ විදුලි රැහැන් කපා හැර ඇති අතර, තවත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් දහස් ගණනකට අවධානම් කලාප වලින් ඉවත් වන ලෙස නියෝග කරන ලදී.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ Satoshi Sugimoto පැවසුවේ, මෙම වර්ෂාපතනය කලාපයේ “මෙතෙක් අත්විඳින ලද අධිකම වර්ෂාපතනය” බවයි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...