උතුරේ සහ උතුරු මැද පුහුණුවේ මුල හදයි

Date:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ එම කමිටු සභාපති සහ ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ උප සභාපති බුද්ධික ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් පැවති බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට පුහුණුව සම්බනධයෙන් වන පදනම් දැණුම බෙදා දෙන පාඨමාලාව සාර්ථක ලෙස අවසන් විය.

හිටපු ජාතික පුහුණුකරුවෙක් වූ පුෂ්පකුමාර විසින් මෙහෙය වූ දෙදින වැඩ මුළුව සාර්ථක කර ගන්නට අනුරාධපුර බැඩ්මින්ටන් සංගමයෙන් සහය හිමි විය.බැඩ්මින්ටන් සම්මේලන සභාපති රොහාන් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ මොබිල්,මැක්ෆොයිල් සහ ලීනින්ග් අනුග්‍රහය හිමි වූ මෙම වැඩ මුළුවට උතුර සහ උතුරු මැද පළාත නියෝජනය කරමින් පනස් දෙනෙක් පමණ සහභාගි වී සිටි අතර ඔවුන් සියලු දෙනාට පදනම් පුහුණු දැණුම ආවරණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයෙන් සහතික පත්‍රයක් ද හිමි විය.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පදනම් පුහුණු දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම වෙනත් ක්‍රීඩාවන් හී නියැලි බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස් එහි පුහුණුකරු ප්‍රවේශයට අවශ්‍යය මූලික දැණුම එකතු කර ගැනීමටත් මෙම වැඩ සටහන හා එක් වී තිබිණ.මේ සදහා උතුර නියෝජනය කරමින් පැමිණි 22 පිරිස සම්බන්ධයෙන් අදහස් දැක් වූ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් ප්‍රින්ස් ලැම්බට් පැවසුවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් හොඳ සහ දීර්ඝ කාලයක් සුරකින ප්‍රතිපල ලැබීමටනම් ක්‍රීඩාව පුහුණුකරන්නන් එහි මූලික දැණුම හොඳින් අවබෝධ කර ගෙන සිටීම වැදගත් බවය.ඒ නිසා සිය පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ක්‍රිඩා පුහුණුව සම්බන්ධ මූලික දැණුම නිවැරදිවම මේ පාඨමාලාවෙන් ලැබීම වැදගත් වනු ඇති බව ද ඔහු පැවසුවේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...