ඇමරිකාවෙන් ඖෂධ පරිත්‍යාගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමෙරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා පිළිකා ඖෂධ සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දී ඇත.

එම ඖෂධ අතර, කුඩා දරුවන්ගේ සමෙ රෝග ,ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත් බවයි පැවසෙන්නේ .

අමෙරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙම ඖෂධ තොගය ,  එරට ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ,  සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ සඳහා ද අවශ්‍ය ආධාර උපකාර අමෙරිකානු රජය විසින් ඉදිරියටත් ලබා දීමට ඉදිරිපත් වන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...