රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද හඳුන්වා දෙනවා –  ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ , රට ගොඩනැගීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත්ය .

රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ලෙස, කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද  අදාළ බව පවසයි .

තව දුරටත් ජනාධිපතිවරයා කියා සිටින්නේ, එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දීය.

ජනාධිපති මාධ්‍ය අංශය මේ පිළිබඳ නිකුත් කළ  නිවේදනයක් නිවේදනය පහතින් දක්වා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...