උතුරු කොරියානුවන්ට හිනා වෙන්නත් තහනම්! මත්පැන් තහනම්! සාප්පු සවාරි තහනම්!

Date:

සිය රටවැසියන් දින 11 ක කාලයක් සිනා නොවී සිටිය යුතු බවට උතුරු කොරියානු නායක කිම් ජොං උන් නියෝගයක් පනවා තිබෙනවා. දෙසැම්බර් 17 වැනිදා සිට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු කොරියානු නායකයා මෙවැනි නියෝගයක් නිකුත් කර තිබෙන්නේ, සිය සීයා වන හිටපු උතුරු කොරියානු අසහාය නායක කිම් ඉල් සුන් ගේ ගුණානුස්මරණය වෙනුවෙනි. ඔහු සැමරීම සඳහා රටපුරා දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළ මත්පැන් භාවිතය රටවැසියන්ට තහනම් වන අතර සාප්පු සවාරිවල නිරතවීමද තහනම් වේ. එමෙන්ම විනෝදාස්වාදය සපයන කිසිදු ක්‍රියාවක නිරතවීමද වළක්වා තිබෙනවා.

උතුරු කොරියානු සමාජවාදී පාලනයේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ සිට පාලන පරම්පරා තුනක් තිස්සේ උතුරු කොරියානුවන් දැඩි පීඩාවට පත්ව සිටින අතර සිනහවීම කෙසේ වෙතත් පුරවැසියන් බහුතරයක් සිටින්නේ තමන් ගෙවන දුක් කම්කටොලු වෙනුවෙන් හඬා වැලපීමටද බියෙනි. එසේ තිබියදී එරට පුරවැසියන්ට අමුතුවෙන් සිනහව තහනම් කිරීමට නීති පැනවීමට අවශ්‍ය නොවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...