අතුරුදන් වූ විදේශීය කාන්තාවගේ මළසිරුර සොයාගැනීමට 11 පාබල සේනාංක භටපිරිස්හි සහයෝගය

Date:


මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි Kandy Backpackers Hostel ආයතනයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම හෝටලයේ නවාතැන් ගෙන සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් පසුගිය බදාදා (12) දින අතුරුදන් වී ඇති අතර අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අනතුරට පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයාගැනීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය – මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමත්වූහ.

ඩෙන්මාර්ක් ජාතික කාර්බ් මන්ක් එබ්සෙන් (Karb Munk Ebssen) මෙනවිය පසුගිය බදාදා (12) දින පෙරවරු 10.00 ට පමණ අලගල්ල කඳු තරණය කිරීමට ගොස් එදිනම සන්ධ්‍යාවේ ආපසු පැමිණෙන බවට එම හෝටල් බලධාරින් වෙත දැනුවත් කර පිටව ගිය නමුත් එදින නැවත හෝටලය වෙත නොපැමිණ ඇත.

මේ පිළිබඳ හෝටල් බලධාරින් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (13) දින පස්වරු 03.00 ට පමණ මහනුවර සංචාරක පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති අතර එම පොලිස් ස්ථානයේ නිලධාරින් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතු සඳහා 11 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.

අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ භටපිරිස් අද (14) දින උදෑසන එම කන්ද තරණය සඳහා කඳුවැටිය පාමුල පිහිටි සංචාරකයින් අතර ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ ස්ථානයක් අසල තිබියදී ජීවිතක්‍ෂයට පත් කාන්තාවගේ මළසිරුර සොයාගනු ලැබීය.

ඉදිරි පරීක්‍ෂණ සඳහා මෘත ශරීරය පොලිස් ස්ථානයට සහ රෝහල වෙත රැගෙන යාමට භටපිරිස් සහ පොලිස් නිලධාරින් මේ වනවිට කටයුතු කරමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...