ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෙහෙරානයේ පැවති 15 වැනි ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වේ

Date:

ඉරාන රජයේ ඇරයුමකට අනුව, ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජනවාරි 29- 01 යන දිනවල ටෙහෙරානයේ පැවති 15 වැනි ටෙහෙරාන ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය – TITE සඳහා සහභාගී විය. රටවල් 30 කට අධික ප්‍රමාණයක් නියෝජනය කළ දහස් ගණනක පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර,  සංචාරක ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී දේශීය හා විදේශීය සමාගම් සිය සේවාවන් මෙහිදී ප්‍රදර්ශනය කළහ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහය ලබා ගත් තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සෞඛ්‍ය සම්පන්න සංචාරක ගමනාන්තයක් ලෙස ඉරාන සංචාරක නියෝජිතයින්ට සහ සංචාරකයින්ට විදහා දැක්වී ය. මෙහිදී, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන වීඩියෝ පට ප්‍රදර්ශනය කෙරුණු අතර, සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ලිපි හා අත්පත්‍රිකා බෙදාහරින ලදී. ජාත්‍යන්තර සංචාරක නියෝජිතායතන සහ ශ්‍රී ලංකාවේ සංචාරක සමාගම් එකිනෙක සම්බන්ධ කිරීමේ අරමුණින්, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සංචාරක ගමන් සංවිධානය කරන ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සංචාරක සමාගම් පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර සංචාරක නියෝජිතායතන නියෝජනය කරමින් පැමිණ සිටි පිරිස සමඟ හුවමාරු කරගත් හ.

මෙම ප්‍රදර්ශනය අතරතුර ඉරානයේ සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අලි අස්ගර් ෂල්බාෆියන් හොසේන් අබාඩි මැතිතුමා හමුවූ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් මැතිතුමා,  ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංචාරක හුවමාරු කටයුතු වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළේ ය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව විස්තර කළ තානාපතිවරයා, විශේෂයෙන්ම වනජීවීන්, දේශීය සූපවේදය සහ අද්විතීය ආයුර්වේද වෛද්‍ය කලාවකින් සමන්විත විස්මිත සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති සුවිශේෂීත්වය පිළිබඳව විස්තර කළේ ය. දෙරට අතර සංචාරක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සිය උපරිම සහයෝගය ලබා දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

මෙහිදී, තානාපතිවරයා සහ සිය කාර්ය මණ්ඩලය මෙම ප්‍රදර්ශනය තුළ විදහා දැක්වූ ක්‍රියාකාරී සහභාගීත්වය ඉරානයේ ගුවන් ප්‍රවාහන හා සංචාරක නියෝජිතායතන සංගමයේ සභාපති හොර්මටොල්ලා රෆියෙයි මහතාගේ ඇගයීමට ලක් විය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර පුද්ගලාන්තර සබඳතා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක සංගම් සමඟ එක්ව කටයුතු කිරීමට තම සංගමය තුළ පවත්නා උද්‍යෝගය පිළිබඳව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය. සංචාරක ක්ෂේත්‍රයේ හවුල්කාරී සහයෝගීතාවක් මගින් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සබඳතා ශක්තිමත් වන බවත්, අනෙකුත් අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා එය උපකාරී වන බවත් තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා අවධාරණය කළේ ය.

යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් නගර වන ඉස්ෆහාන් සහ ෂිරාස් හි පිහිටි ප්‍රදර්ශන කුටි නැරඹූ තානාපතිවරයා, මෙම ප්‍රදේශ තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉස්ෆහාන් හි සංස්කෘතික උරුම සහ සංචාරක සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අලිරේසා අයිසාඩි මහතා සහ ශිරාස් හි සංස්කෘතික උරුම හා සංචාරක සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මොසේන් අමේරි මහතා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2022 පෙබරවාරි 08 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...