*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

උෂ්ණත්වය ඉහළයාමත් සමඟ යුරෝපය පුරා ලැව්ගිණි පැතිරේ

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන්නේ ඉදිරි වසරවලදී තාප තරංග වඩාත් දරුණු විය හැති බවත්, දේශගුණික විපර්යාස හේතුවෙන් තාප තරංග දීර්ඝ වන බවත්, පාලනයෙන් තොරව ඒවා නිතර නිතර ඇතිවන බවත්ය.

පුවත්, කාලීන, පරිසර, ලොව යන අත
සෂිකලා මධුෂානි 44 mins ago ()

ලොව පුරා මිලියන ගණනක් ජනයා ආන්තික කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විටදී ග්‍රීසියේ සහ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ලැව් ගිණි තත්වයන් ඇතිව ඇති බව වාර්තා වේ.

දැනට ග්‍රීසියේ ඇති දරුණුතම ගින්න ඇතන්ස් නගරයට උතුරින් පිහිටි Dervenochoria ප්‍රදේශයේ පවතින අතර, කොරින්ත් නගරයට ආසන්න වෙරළබඩ නගරයක් වන Loutraki නගරවල සහ අගනුවරට දකුණින් ඇති Kouvaras හි ද ලැව්ගිනි දිගටම පවතියි.

යුරෝපයේ වෙනත් තැන්වල ද ලැව්ගිණි පැතිරෙමින් පවතින අතර ස්විට්සර්ලන්තයේ වලයිස් හි බිට්ෂ්හි පැතිර යන ලැව්ගින්න එක රැයකින් පුපුරන සුළු දෙයක් වශයෙන් පැතිර ගිය බව බලධාරීන් වාර්තා කර තිබේ.

ස්පාඤ්ඤයේ La Palma දිවයිනේ ඇති වූ ගින්න හේතුවෙන් නිවාස 20ක් පමණ විනාශ වී ඇති අතර දැඩි උණුසුම හේතුවෙන් , ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බෝල්කන් ආදී ප්‍රදේශ වලට සෞඛ්‍ය අවදානමක් ඇති බවට රතු අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.

අධික උෂ්ණත්වය එක්සත් ජනපදය සහ චීනය ඇතුළු ලෝකයේ අනෙකුත් ප්‍රදේශ ද ග්‍රහණය කර ගෙන ඇති අතර කැලිෆෝනියාවේ ඩෙත් නිම්නයේ උෂ්ණත්වය පසුගිය ඉරිදා වාර්තාගත 52C (125.6F)ලෙස ඉහළ ගිය අතර බටහිර සහ දකුණු එක්සත් ජනපද ප්‍රාන්තවල මිලියන 80කට වැඩි ජනතාවක් උණුසුම් තාප තරංග හේතුවෙන් පීඩනයට පත්ව ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන්නේ ඉදිරි වසරවලදී තාප තරංග වඩාත් දරුණු විය හැති බවත්, දේශගුණික විපර්යාස හේතුවෙන් තාප තරංග දීර්ඝ වන බවත්, පාලනයෙන් තොරව ඒවා නිතර නිතර ඇතිවන බවත්ය.

සශිකලා මධුෂාණී_ (outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan